පූසකු රැගෙන ගුවන්යානයක යමින් සිටි කාන්තාවකගේ තර්ජනයක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේම ගොඩබැස්සවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ ලාස් වේගාස් සිට ජර්මනියට ගමන් කරමින් තිබූ යානයකි. මේ යානයේ ගමන්ගත් කාන්තාවක් විසින් රැගෙන ගිය පූසෙක් ඇගෙන් ඉවත්කැර වැසිකිලියක තැබීමට කාර්ය මණ්ඩලය කටයුතු කළ බවත් ඉන් කෝපයට පත් වූ කාන්තාවගේ තර්ජනය හේතුවෙන් යානය ගොඩබැස්සවීමට සිදුවූ බවත් මාධ්‍ය වාර්තා කරයි.
තමන් සන්නද්ධ කල්ලියක සාමාජිකාවක බවත් ගුවන් යානය ගොඩබස්වන්නේ නැතිනම් සන්නද්ධ කල්ලිය කැඳවා ප්‍රහාරයක් එල්ලකරණ බවට ඇය තර්ජනය කැර ඇතැයි ගුවන් සේවා බලධාරීන් පවසයි. එම කාන්තාව යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට පහර දී ඇතැයි ද දැනගන්නට ඇත. මේ කලබලය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රහාර ජෙට් යානා දෙකක් ද යානයේ ආරක්ෂාවට යොදවා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
යානය ගොඩබැස්සවූ පසු අදාල කාන්තාවගෙන් ප්‍රශ්න කළ ද ඇය අත්අඩංගුවට ගෙන නැත.
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්තාවක් ගුවන්යානයක් බස්සවයි
බෙනට් Monday, 31 August 2015 03:21 PM
9/11 න් වලින් පස්සේ මුන් ඔක්කොගෙම මොලේ කචල් .. මට දුක මේ වගේ හද්ද මෝඩයෝ ඉන්න රටක් ලෝකයේම බලවතා වුන එකයි ..(බ)
විරාජ් Monday, 31 August 2015 03:53 PM
දැන් ප්‍රහාර හම්බෙනවා ඇති, මෝඩ ගැනියෙක් මොකක් වුනත් (බ)
වසන්ත Monday, 31 August 2015 07:25 PM
සන්නද්ධ කල්ලියක සාමාජිකාවක් මොකටද පූසෙක් ගෙනියන්නේ? (නි)
චන්ද්‍රා වීරසිංහ Monday, 31 August 2015 09:33 PM
ඔච්චර කලබගෑනියක් කරලත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ මොකද දන්නෙ නැහැ නේද? (නි)
අජිත් කරුණාරත්න Tuesday, 01 September 2015 02:02 AM
දේශපාලකයකුගේ බිරිඳක් වෙන්න ඇති. ඒකට මොකද? අපේ රටෙත් එහෙමනේ? (නි)