IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කිනිතුල්ලන් සපාකෑමෙන් මිනිස් මොළයට හානිකරන රෝගයක් ආසියාවට

සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානිකරන රෝගී වෛරසයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමු වරට හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනේවියාව සහ ආසියාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව හඳුනාගෙන ඇත.

මෙයින් පළමුව සාමාන්‍ය උණ රෝගයක් සෑදී පසුව මොළයෙහි ඉඳිමුම් තත්වයක් හටගන්නා අතර, මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවේ.

ඇමෙරිකාවේ මුවන් බහුලව වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැක ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපාකන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත.

කෙසේවුවත් මිනිසාට සිදුව ඇති හානිය තවමත් අවම මට්ටමේ ඇති බවත්, ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වේ.

කිනිතුල්ලන් සපාකෑම අවමකරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපාකෑවිට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, සෑදුණු උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරු පවසති.

(බීබීසී ඇසුරිනි)

16844

 

 



අදහස් (3)

කිනිතුල්ලන් සපාකෑමෙන් මිනිස් මොළයට හානිකරන රෝගයක් ආසියාවට

lalithm Monday, 04 November 2019 07:53 AM

ලංකාවේ හැම තැනම පාහේ කිනිතුල්ලන් ඉන්නවා. ගෙවල් වල බල්ලන්, බළලුන් විශේෂයෙන් බලන්න ඕනේ. නිසි සැළකිල්ලක් නොදක්වන සුරතලුන් නිසා මෙය ලංකාවේ ව්‍යාප්ත වීමේ අවධානම වැඩියි.

:       0       17

de silva berlin Monday, 04 November 2019 08:07 AM

ලංකාවේ අයාලේ යන බල්ලන් වැනි සතුන් වන්ධ්‍යාකරණයට පත් කිරීම කඩිනම් කලේ නැතිනම්.., ඉදිරියට එම සතුන් නිසා බෝවෙන රෝග පැතිරී ඩෙංගු වලට වැඩිය විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..., කිනිතුල්ලෝ ප්‍රශ්නය යුරෝපයේ තිබෙනවා. නමුත් එම රටවල අයාලයේ යන සුනඛ ප්‍රශ්නය එහෙම නොමැති නිසා, යම්කිසි මට්ටමකට පාලනය වෙලා තිබෙනවා. ලංකාවට අාවොත් නවත්වන්න නම් හම්බ වෙන්නේ නැහැ.

:       0       20

chandima Monday, 04 November 2019 01:07 PM

ලෙඩේ නම මොකක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2410 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site