කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ.
කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ආරක්ෂක අංශ මාර්ග සඳහන් කරයි.
හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ''ටොරොන්ටෝ ග්ලෝබ් ඇන්ඩ් මේල්" පුවත්පත තවදුරටත් මෙලෙස තොරතුරු වාර්තා කර තිබිණි.
මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන ස්නයිප තුවක්කුකරු කැනේඩියානු හමුදාවේ "ඒකාබද්ධ කාර්ය බලකාය 2" සාමාජියකු වන අතර ඔහු එම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ උස් ගොඩනැගිල්ලක සිටය.
තොරතුරුවලට අනුව ඉලක්කයට ළඟවීමට උණ්ඩයට ගත වී තිබෙන්නේ තත්ත්පර දහයකි. එතරම් දුරක සිට ස්නයිප තුවක්කරු ඉලක්කයට වෙඩි තැබූ බව කැනේඩියානු විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරීයා ද තහවුරු කර තිබිණි.
මෙම වෙඩි තැබීම පටිගත කර තිබෙන අනුව දැනට තිබෙන අතර දැනට තිබෙන වාර්තා අනුව ස්නයිප තුවක්කුකරුවකු එතරම් දුරක් නිසි ඉලක්කයට ප්‍රහාරය එල්ල කරමින් සතුරා මරා දැමූ අවස්ථාව මෙය වනු ඇතැයි පැවසේ. ඒ අනුව ස්නයිප තුවක්කුකරුවකු නිවැරැදිව එල්ල කරන දීර්ඝතම ප්‍රහාරය මෙය යැයි සැලකේ.
ස්නයිප තුවක්කුකරුට නීරික්ෂකයකුගේ සහාය ද හිමිව තිබෙන අතර කැනේඩියානු හමුදාවේ සම්මත ''මැක්මිලාන් ටී.ඒ.සී - 50" රයිෆලයක් භාවිත කර තිබේ.

බී.බී.සී 055
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩා ස්නයිපර්කරුගේ අයිඑස් ඉලක්කය සාර්ථකයි