
කෘත්‍රිම බුද්ධියෙන් මනුෂ්‍ය වර්ගයාට සහ ලෝකයට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. කෘත්‍රිම බුද්ධියෙන් එල්ල වන තර්ජන මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ පළමු වරටය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මුලසුන හොබවන්නේ මහා බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පෙන්වා දුන්නේ මනුෂ්‍ය අපගේ ජීවිතවල සෑම අංගයක්ම මූලික වශයෙන් වෙනස් කිරීමේ හැකියාව කෘත්‍රිම බුද්ධියකට ඇති බවත්, එය භයානක තත්ත්වයක් බවත්ය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පැවැසුවේ, කෘත්‍රිම බුද්ධි පරිගණක සහ ජංගම දුරකතන මෘදුකාංග සහ යෙදවුම් සම්බන්ධයෙන් නිසි නියාමනක් සිදුවිය යුතු බවය. කිසිදු කෘත්‍රිම බුද්ධියකට ඊට අවශ්‍ය විදියට කටයුතු කරගෙන යෑමට ඉඩක් ලබා නොදිය යුතු යැයි ද සමුළුවට සහභාගී වුණු එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නියෝජිත ෂැංග් ජුන් පැහැදිලි කළේය.
2025 නොවැම්බර් මස 04
217
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්: ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි