IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කඩිනමින් මැතිවරණයක් ඕනෑ

පාකිස්තානයේ 23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් දිවුරුම් දෙද්දී ධුරයෙන් නෙරපා දැමුණු ඉම්රාන් ඛාන් කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය.

ඉම්රාන් ඛාන් මෙසේ කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

'අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා කවුරුදැයි තීරණය කළ යුත්තේ ජනතාව. ජනතාවට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි. කඩිනමින් අවශ්‍යයි' යැයි ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ.

ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය 9 වැනිදා, ඔහුට විරුද්ධය විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේ ඉම්රාන් පාර්ලිමේන්තුවේ නොසිටි අතර, විශ්වාසභංගයෙන් පරාජය වූ සැණින් අගමැති කාර්යාලය සහ අගමැති නිල නිවස බාර දී වහා පිටවී ගියේය.

ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු හෙට (13) ඉම්රාන් ඛාන්, සිය 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ සාමාජිකයන් ද සමඟ පෙෂාවෝර් නුවර ජන රැලියක් ද සංවිධානය කර තිබේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ් බලයට පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයකිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කඩිනමින් මැතිවරණයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 149 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 90 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site