කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා පවසා ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය.
එසේ වුවත් මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර නැත. මේ වනවිට ගැබොන් රාජ්‍යයේ අන්තර්වාර පාලකයා ලෙස කටයුතු කරන්නේ ද න්ගුවේමාය.
ගැබොන් යනු මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකි. පසුගිය දා ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ජයගත්තේ 2009 වසරේ සිට ජනාධිපත ධුරය හොබවන අලී බොන්ගෝ ඔන්ඩිම්බාය.
තෙවැනි වරටත් අලී බොන්ගෝ ඔන්ඩිම්බා ජනාධිපතිවරණය ජය ගත්තේ යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළ සැණින්, ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා හමුදාව මෙහෙයවමින් රටේ බලය අල්ලා ගත්තේය.
මේ වනවිට, හමුදා අත්අඩංගුවට ගත් ජනාධිපති ඔන්ඩිම්බා සිය නිල නිවසේ නිවාස අඩස්සියේ සිටින බවත් වාර්තා වේ. හමුදාපති න්ගුවේමා, ජනාධිපති ඔන්ඩිම්බාගේ ඥාතියෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කඩිනමින් මැතිවරණයකට යනවා - ගැබොන් හමුදාපති