
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිරියාවේ සංචාරකට සූදානම් වෙයි. අල් තානී, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවට පැමිණෙන පළමු අරාබි නායකයා ලෙස ද සැලකෙයි.
සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ සන්නද්ධ කණ්ඩායම් එක් වී, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා නව අන්තර්වාර රජයක් පිහිටුවා ඇත.
අසාද් පාලනය අවසන් වීමෙන් පසු සිරියාවත්, කටාර් රාජ්‍යයත් අතරේ සබඳතා තර වී ඇත. කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් පසුගිය ජනවාරියේ සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඊට අමතරව, සිරියානු නව රජයේ නව විදෙස් අමාත්‍යවරයා වන අසාද් අල් ෂයිබානී කටාර් රාජ්‍යයේ සංචාරය කරමින් මිතුදම් වර්ධනය කර ගත් අතර, මේ වනවිට දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ගුවන් ගමන් කටයුතු පවා ආරම්භ වී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටාර් එමීර් සිරියාවට