IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොංගෝවට මිලියන 325 ක වන්දි

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ වරදට, උගන්ඩාව ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක් මුදලක් කොංගෝ රාජ්‍යයට වන්දි වශයෙන් ගෙවිය යුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝග කළේය.

1998 සිට 2003 තෙක් කාලයේ උගන්ඩා හමුදාව සිවිල් ගැටුම් පාලනය කිරීමට, කොංගෝවේ ‘ඉටුරි‘ පළාතේ රැඳී සිටියදී, 10,000 ත් 15,0000ත් අතර පිරිසක් ඝාතනය කළ බවටත්, කොංගෝවේ දැව, දියමන්ති සහ රත්තරන් කොල්ල කෑ බවටත් චෝදනා එල්ල වී තිබේ.

කොංගෝ රජය එල්ල කරන එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. වන්දි වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලක් කොංගෝ රාජ්‍යයට ලබා දිය යුතු යැයි අධිකරණය තීන්දු කළේ එම චෝදනා සම්බන්ධයෙනි.

මෙම වන්දි මුදල මෙම 2022 වසරේ සිට 2026 වසර තෙක් කාලයේ වාරික වශයෙන් ගෙවීම සිදුවනු ඇත. පළමු වාරිකය මෙම 2022 සැප්තැම්බරයේ ගෙවීමට නියමිතය. එම මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලින් මිලියන 225 ක් පුද්ගල හානි සඳහාත්, මිලියන 40 ක් දේපොළ හානි සඳහාත්, මිලියන 60 ක් සම්පත් කොල්ල කෑම සඳහාත් ගෙවීම සිදුවනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (1)

කොංගෝවට මිලියන 325 ක වන්දි

akalanka Thursday, 10 February 2022 11:28 AM

අපේ එක්කෙනා යවපු ඩොලර් වලින් වන්දිය ගෙවයිද දන්නේ නෑ.අපේ එක්කෙනාට වෙන්නෙම ඒ වගේ දේවල් නේ දැන්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site