IMG-LOGO

ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි

ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ බ්‍රිට්නි හිගන්ස්ගෙන් සමාව ඇයැද සිටියේ පාර්ලිමේන්තුවට එම සිදුවීම ගැන නැවත නැවතත් සිහිපත් කරමිනි. තමන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වුණු බව බ්‍රිට්නි හිගන්ස් චෝදනා කළේ මීට මාස කීපයකට පෙරය.

එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, එහිදී අනාවරණය වූයේ බ්‍රිට්නි හිගන්ස් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ කුමන හෝ ආකාරයේ ලිංගික හිරිහැරයකට ලක් වී ඇති බවය.

සමාව ඉල්ලමින් අග්‍රාමාත්‍ය මොරිසන් පොරොන්දුවක් වූයේ බ්‍රිට්නි හිගන්ස් මුහුණ දුන් ආකාරයේ අමිහිරි අත්දැකීමක් වෙන කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකාවකට අත්විදින්න ඉඩ නොතබන බවය. බ්‍රිට්නි හිගන්ස් ට සිදුවුණු ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1727 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site