දහස් ගණනක් සංචාරකයින් ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හිදී ජෙලි මත්සයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය සති අන්තයේ වැඩි වශයෙන් සිද්ධීන් වාර්තා වී ඇති අතර ජෙලි මසුන් විශාල වශයෙන් නොගැඹුරු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උදාවූ බව බලධාරීහු පවසති.
මේ නිසා බොහෝ වෙරළ තීරයන් වසා දැමීමට ද සිදුවී ඇත.
බ්ලූබොට්ල් වර්ගයේ ජෙලිමසුන් වන මොවුන්ගේ දෂ්ඨ කිරීම වේදනාකාරී වුවත් මාරාන්තික නොවන බව වෛද්‍යවරු පවසති.
කෙසේ වුවද ජෙලිමසුන් දෂ්ඨකිරීමට ලක්වූ 2500ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙය පසුගිය වසරට වඩා තුන් ගුණයක වැඩිවීමක් බව පැවසෙන අතර තද සුළං හේතුවෙන් මෙම සතුන් වෙරළට ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.
(බීබීසි ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයන්ට ජෙලි මසුන්ගේ තර්ජන