IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඕනෑම ප්‍රහාරයකට සූදානම් - රුසියන් ජනපති

යුක්රේනයෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට රුසියාව සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය යවත්කාලීන කරමින් ඊට අත්සන් තබමිනි.

එම යවත්කාලීන කිරීම අනුව, න්‍යෂ්ටික බලය නොමැති ඕනෑම රටක් න්‍යෂ්ටික බලය සහිත රටක සහාය ඇතිව සිදු කරනු ආක්‍රමණයක්, රුසියාවට එරෙහිව සිදු කරන ඒකාබද්ධ ප්‍රහාරයක් ලෙස සැලකෙයි.

ජනාධිපති පුටින්, මෙම නව න්‍යෂ්ටික ප්‍රතිපත්තිය සඳහා අත්සන් තැබීම කළේ රුසියාවත් යුක්රේනයත් අතරේ යුද ගැටුම් ආරම්භ වී දින දහසක් සපිරෙද්දීය.

රුසියන් ජනාධිපති පුටින්, න්‍යෂ්ටික ප්‍රතිපත්තිය යවත්කාලීන කළේ, ඇමෙරිකාව, යුක්රේනයට දී ඇති දිගු දුර මිසයිලවලින් රුසියාවේ ඉලක්ක වෙත පහර දෙන්නැයි, ධුරයෙන් සමු ගන්න බලා සිටින ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට අවසර දී ඇති බැවිනි.

මේ අතර ලබන ජනවාරි 20 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින, ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ තමන් දිනක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ට්‍රම්ප්ට ඇමතුමක් දී ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ලබන 2025 වසරේ දී රුසියන් යුක්රේන යුද්ධය අවසන් වනු ඇති බවත්, යුක්රේනයට අසාධාරණයක් වන ආකාරයට ට්‍රම්ප් කටයුතු නොකරනු ඇති බවත්ය.



අදහස් (0)

ඕනෑම ප්‍රහාරයකට සූදානම් - රුසියන් ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site