IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඕක්ලන්ඩ් ප්‍රහාරය අයි.එස්. වැඩක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිදුවුණු පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රහාරය එල්ල කළේ 'අයි.එස්.අයි.එස්' ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී අදහස් ඇති මුස්ලිම් තරුණයකු බවත් ඔහු නවසීලන්තයේ පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය‍.

ප්‍රහාරකයා 32 හැවිරිදි තරුණයකු බව පැවැසුවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රහාරකයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය කළේ නැත.
අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළ ආකාරයට නවසීලන්ත ආරක්ෂක අංශ 2016 වසරේ සිට එම තරුණයා ගැන විමසිල්ලෙන් පසුවිය. තරුණයා නවසීලන්තයේ පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදී යැයි පැවැසෙයි.

ආරක්ෂක අංශ තරුණයා ගැන විමසිල්ලෙන් පසුවී ඇත්තේ ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ වීඩියෝ නැරැඹීම, ඒවා මිතුරන් අතරේ බෙදා හැරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රසිද්ධියට පත් කිරීම නිසාය.

ඒ අනුව, 2016 වසරේ සිට පැය 24 පුරා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තරුණයා ගැන විමසිල්ලෙන් පසුවිය.

ආරක්ෂක අංශ තරුණයා ගැන මීට පෙර තමන් දැනුවත් කර තිබුණු බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැවැසුවාය. මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

නවසීලන්ත ආරක්ෂක අංශ එරට බිහිසුණුම අන්තවාදියකු ලෙස හඳුනා ගෙන, විමසිල්ලෙන් පසුවුණු තැනැත්තකු ලෙස මෙම තරුණයා හඳුන්වා දිය හැකි යැයි පොලිස්පති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

පිහි ප්‍රහාරය එල්ල වූයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයේ සිටි පිරිස් වෙතටය. ප්‍රහාරයෙන් 6 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍
පැය 24 පුරා විමසිල්ලෙන් සිටි බැවින්, තරුණයා 'ලින්මොල්' සුපිරි වෙළෙඳ සංකීර්ණයට යද්දී, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු පසු පසුපස ඔහුට හොරෙන් ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තරුණයා ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙ‍ෙළඳ සංකීර්ණයේ තිබුණු පිහියකිනි. තරුණයා පහරදීම ආරම්භ කර තත්ත්පර 60 ක් ඇතුළත පොලිස් කණ්ඩායම ඔහු වට කර, ඔහුට යටත් වෙන්නැයි අණ දී තිබේ. තරුණයා යටත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පොලිසිය ඔහුට වෙඩි තැබූ බව පැවැසෙයි.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, ප්‍රහාරකයා හිටිහැටියේ ප්‍රචණ්ඩකාරී වෙමින් දකින දකින සැමට පිහියෙන් අනින්න වූ බවය. තරුණයා ප්‍රහාරය එල්ලකර ඇත්තේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ විකණීමට තබා ඇති පිහියක් යොදාගෙන යැයි ද පැවැසෙයි.

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණත් 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයේ බොහෝ දෙනකු සිටි බව පැවැසෙයි. ඒ, වෙළෙඳ සංකීර්ණයේ ඔසුහල හරහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවුණු බැවිනි.

(ඩේලිමේල්)



අදහස් (5)

ඕක්ලන්ඩ් ප්‍රහාරය අයි.එස්. වැඩක්

චන්දිම Saturday, 04 September 2021 07:41 AM

අනේ හිතට හරිම කණගාටුයි ලැජ්ජාවයි බීබීසි එකේ හැමතිස්සෙම මේක කලේ ශි ලාංකිකයෙක් කියලා කියනකොට. ලංකා මාතාවගේ මුහුණේ දැලි ගෑවා.

:       3       68

සුවාරිස් Saturday, 04 September 2021 10:36 AM

ලංකාවේ නමත් කනවා.. මේවගේ තව කොපමන ඇත්ද වෙන රටවලත් ඔහොම ගිහින් කන්‍යාවියො ගාවට යන්න බලන් ඉන්න එවුන්.

:       3       89

Perera Sunday, 05 September 2021 02:18 AM

නවාසීලන්තේ අය නියම ත්‍රස්ත ක්‍රියා තවම දැකලා නැහැ.

:       0       0

Rohana Sunday, 05 September 2021 07:45 AM

මොහු ලංකාවෙන් ආවට නවසීලන්තයේ පුරවැසියෙක්ලු... එහෙනම් මේකට ලංකාව ගාවගන්නේ කුමකටද? ISIS කාරයෙක් නේද?

:       0       0

fairoos Sunday, 05 September 2021 12:50 PM

2017ම මොහුව මරා දමන්නයි තිබුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site