ඇමෙරිකා අත්අඩංගුවේ සිටි අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ කෝකියාට පෙරේදා (11) නිදහස ලැබුණු අතර ඔහු ඔහගේ උපන් රට වන සුඩානයට යළි පැමිණියේය. ඉක්බාල් අල් කෝසී (50) නමැති එම සුඩාන ජාතිකයා ඇමෙරිකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වී 2002 වසරේ සිට ඇමෙරිකාවට අයත් කියුබාවේ පිහිටි ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රඳවා තැබුණි. අල් කෝසීට එරෙහිව නඩු විභාගයක් 2010 වසරේ දී පැවැත්වුණු අතර එහිදී ඔහුට 14 වසරක සිර දඬුවමක් ද නියම කෙරුණි. නමුත් එම අධිකරණ තීන්දුව පසුව වෙනස් කෙරුණු අතර පෙරේදා ඔහුට නිදහස හිමිවිය. ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැඳෙවියන්ගෙන් හමුදා අධිකරණයක් වෙත පමුණුවනු ලැබූ පළමු වැන්නා ද අල් කෝසීය. නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකා හමුදා ගුවන් යානයකින් අල් කෝසී සුඩානයට පැමිණියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔසාමා බින් ලාඩන්ගේ කෝකියාට නිදහස
සුමිත්‍ර පෙරේරා රෝබෙර්ට්ස් Sunday, 15 July 2012 03:24 AM
ඔය කෝකිවරු නිදහස් කලට කරපු පව් වලට දෙවියන්ගෙන් සමාවක් ලබන්නේ නැහැ ඔය කෝකිවරු නිදහස් කලට කරපු පව් වලට දෙවියන්ගන් සමාවක් ලබන්නේ නැහැ
මධු Friday, 13 July 2012 10:33 PM
ඒ ගාවට කාගේ කෝකිය වෙයි ද දැන් නැ ?
මාඔසා Friday, 13 July 2012 05:28 PM
ඔහොම නිදහස දීලා ඔයාලාගේ අතේ ගෑවුන ලේ පැල්ලම් මකා ගන්න බෑ