IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඔවුන් ඇයට කළ අපරාධය වචනයෙන් විස්තර කරන්න බෑ

සමූහ අතවරයට ලක් වී මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා පෙරේදා (5) ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ඇයට සිදු කළ එම අපරාධය වචනයෙන් විස්තර කළ නොහැකි බවය.
සම්මුඛ සාකච්ඡාවට සහභාගී වුව ද වෛද්‍ය ශිෂ්‍යාව මෙන්ම ඇයගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මෙතෙක් මාධ්‍ය හරහා අනාවරණය කර නැත.
පෙම්වතා එම සම්මුඛ සාකච්ඡුාව දුන්නේ ඉන්දියාවේ ‘සීටීවී’ නාලිකාවටය. ඇයගේ පෙම්වතා ද වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට සූදානමින් සිට ඇත.
ඉකුත් 16 වැනිදා රාති‍්‍රයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව නවදිල්ලි නුවර බස්රියකදී එම බසයේ රියැදුරු ඇතුළු බසයේ ගමන් කළ හය දෙනකු අතින් දුෂණයටත් පහර කෑමටත් ලක් වෙද්දී ඇයගේ පෙම්වතාද ඇය සමඟ සිටියේය. ඔහු ද දරුණු ලෙස පහරකෑමට ලක් විය.
අතවරයට ලක් වී පහර කෑ ඇයත්, තමාත් එම පිරිස මහ මඟ දමා ගිය අවස්ථාවේ පැය කිහිපයක් යන තෙක් කිසිම කෙනකු තමන්ගේ පිහිටට නොපැමිණි බවත් සිහිය ආ පසු තමන් උදවු ඉල්ලා කෑ ගැසූ බවත් තරුණයා වැඩි දුරටත් කියා සිටියේය.
තරුණිය කෙලෙසූ  සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු ඉකුත් 3 වැනිදා නවදිල්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල විය.
එම පිරිස අතර බාලවයස්කාර තරුණයෙක් ද සිටී. එම තරුණයා සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් පැවැත්වීමට ද නියමිතය. ශිෂ්‍යාව කෙලෙසීමෙන් පසු ඇයට අමානුෂික ලෙස යකඩ මුගුරකින් පහර දී ඇත්තේ ඇය දුෂණය කළ සැකකරුවන් සය දෙනා අතර සිටි එම බාලවයස්කාර තරුණයා යැයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
තරුණියට එම අපරාධය කළ සය දෙනා එල්ලා මරා දමන්නැයි රජයට බල කරමින් දිගින් දිගටම විරෝධතා රැලි පැවැත්වෙයි. ඉන්දීය නීතිපතිවරයා පවසන්නේ හැඟීම්වලට වහල් නොවී නීතිය කඩිනමින් සහ අකුරට සිදු කරන බවය.



අදහස් (0)

ඔවුන් ඇයට කළ අපරාධය වචනයෙන් විස්තර කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site