IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඔලිම්පික් ගිය පිරිස සෝදිසියට දකුණු කොරියා බලු සුරතලෙක්

ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වී ආපසු දකුණු කොරියාවට ආ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය, සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සෝදිසි කිරීමකට ලක් කෙරුණි.

එම සෝදිසි කිරීම සිදු කරනු ලැබුවේ, එක් බලු සුරතලකු විසිනි. දකුණු කොරියානු බලධාරීන්, බීගල් වර්ගයට අයත්, ‘සෙකෝ’ නමැති අවුරුදු දෙකක් වයස මෙම බලු සුරතලා ලවා ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය සෝදිසි කළේ ‘ඇඳ මකුණන්’ සිටීදැටි සෙවීමටය.

ලේ උරා බොන ඇඳ මකුණු වසංගත තත්ත්වයන්, ලොව රටවල් බොහෙමයකට තර්ජනයකි. වසර ගණනක් තිස්සේ දකුණු කොරියාව, ඇඳ මකුණු තර්ජන තුරන් කළ රටක් ලෙස සැලකිණි.

කෙසේ නමුත්,  ‘කොවිඩ් 19’  වසංගතය අවසන් වීමෙන් පසුවය. දැන් යළි ඇඳ මකුණන් දකුණු කොරියානුවන්ට තර්ජනයක් වී ඇත. එහෙයින්, ගුවන්තොටුපොළවලදී මකුණන් සෝදිසි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ දකුණු කොරියානු රජය, එරට වසංගත රෝග පාලන ඒජ්න්සිය එක් වෙමිනි. 

ඒ අනුව, ‘සෙකෝ’ බලු සුරතලා විශේසයෙන් පුහුණු කර ඇත්තේ, ඇඳ මකුණන් සෙවීමටය. මෙම බලු සුරතලාට සියයට 95 ක් නිවැරදිව, ඇඳ මකුණන් සොයා ගැනීම කළ හැකි බව පැවැසෙයි.  ඇද මකුණන් නිකුත් කරන ෆෙරමෝනයක් අනුවය. 

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී දකුණු කොරියාව රන් පදක්කම් 13 ක් ඇතුළු පදක්කම් 32 ක් දිනා ගත්තේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 140 දෙනෙක් ඔලිම්පික් කණ්ඩායමට ඇතුළත් වූහ. ‘සෙකෝ’ ඔවුන් සියලු දෙනාගේම බඩු බාහිරාදිය සෝදිසි කළ බව සෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඔලිම්පික් ගිය පිරිස සෝදිසියට දකුණු කොරියා බලු සුරතලෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site