IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය.

දල්වන ලඳ මෙම ගිනි සිළුව දින 11ක කාලයක් සම්ප්‍රධායක් ලෙස ග්‍රීසියේ සංචාරය කරන අතර අනතුරුව මෙම මස 26 වැනිදා 1896 වසරේදී නුතන ඔලිම්පික් උළෙලේ ආරම්භය සිදු වූ ග්‍රීසියේ ඇතන්ස්හි පිහිටි පැනතේනයික් ක්‍රීඩාංගනයේදී ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයින් වෙත ඔලිම්පික් ගිණි සිළුව භාර දීමට නියමිතය.

එහිදී ඇතැන්ස් නුවර සිට ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යන්නේ නුතන ඔලිම්පික් උළෙලේ සමාරම්භය සිදු වූ වසරේදී යාත්‍රා ආරම්භ කළ ප්‍රංශයේ පැරැණිතම රුවල් නෞකාවක් වන 'බෙලම්' නෞකාවෙනි.

නෞකාව ප්‍රංශයේ මාසේල් වරාය නගරයට මැයි 8 වැනිදා ළඟාවීමට නියමිත අතර එහිදී එක් ලක්ෂ 50,000ක පිරිසක සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකින් ඔලිම්පික් ගිනි සිළුව පිළිගැනීමට සැලසුම් කර ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site