
චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්වීය.
'කොවිඩ් 19' නිසා චීනයෙන් බැහැරව නොගිය ජනාධිපති ෂී ජින්පින් මෙසේ ලෝක නායකයන් බොහෝ දෙනකු මුහුණට මුහුණ හමුවූයේ වසර දෙකකට පසුවය.
චීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කීපයක් මෙවර ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කඑ තිබේ. එම රටවලින් චීනය බලා පැමිණ ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි.
ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින්, චීන ජනාධිපතිවරයාගේ විශේෂ භෝජන සංග්‍රහයට එක් වුණු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් චීන හිතවාදීන් ලෙස සැලකෙයි. සාදය පැවැත්වීම සිදුවූයේ බෙයිජීං අගනුවර දැවැන්ත මහජන ශාලාවේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔලිම්පික් අමුත්තන්ට චීන ජනපතිගෙන් සාදයක්