IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඔමික්‍රෝන් සැර නෑ කීම බරපතල වරදක්

‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය, ‘සැර’ විකෘතියක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තමන් කළේ වරදක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කීවේ, මේ වනවිට ලොව නන්දෙසින් ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බැවිනි.

ජිනීවා නුවර පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් පැහැදිලි කළේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය මේවනවිට ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය දිනපතා ජීවිත බිලි ගන්නා බවත්ය.

‘ඔමික්‍රෝන්’ ඉදිරි සති කීපයේ දී ‘ඩෙල්ටා’ විකෘතිය අභිබවා යමින් ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. මේ වනවිටත් ප්‍රංශයේ ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය බවට පත් වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ය.

“ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යනවා. වයිරසය බිහිසුණු ලෙස පැතිරෙනවා. ඔමික්‍රෝන් නිසා රෝහල් ගතවීමට සිදුවන පිරිස ඉහළයි. ඒ වගේමයි ඔමික්‍රෝන් මරණ දිනෙන් දින වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ඔමික්‍රෝන් ඩෙල්ටා තරම් සැර නැහැ යනුවෙන් අප හඳුන්වා දුන් නිසා ජනතාව එය අවතක්සේරු කළ බවක් පෙනෙනවා. ඔමික්‍රෝන් සුළුවෙන් තකන්න එපා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න” යැයි ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් අවධාරණය කළේය.

ජිනීවා නුවර පැවැති එම මාධ්‍ය හමුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවිඩ්19’ කාර්ය සාධක බලකායේ විශේෂඥ වෛද්‍ය මාරියා වොන් කෙර්කෝව් ද එක් ව සිටියාය. ‘බොහෝ දෙනකු විශ්වාස කරනවා, කොවිඩ් 19 වසංගතය ඔමික්‍රෝන් විකෘතියෙන් අවසන් විය හැකි බව. කොවිඩ් 19 විකෘතියේ සැර බාල වී එය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වනු ඇති බව. ඒත් මා විශ්වාස කරන්නේ නැහැ කොවිඩ් 19 වසංගතයේ නිමාව ඔමික්‍රෝන් බව. මේ වනවිට ප්‍රංශයෙන් තවත් නව විකෘති ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. ඒ ගැන අපේ අවධානය මේ වනවිට යොමු වී අවසන්. ඉදිරියේ දී තවත් විකෘති නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා කිසිදු විකෘති වයිරස ප්‍රභේදයක් අවතක්සේරු කළ යුතු නැහැ.’ යැයි වෛද්‍යවරිය පැහැදිලි කළාය.

(රොයිටර්)



අදහස් (0)

ඔමික්‍රෝන් සැර නෑ කීම බරපතල වරදක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site