
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේදය ද මේ වනවිට රටවල් 57 කට ව්‍යාප්තවී ඇති බවත්, එය ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, ‘බීඒ.2’ යන නමින් නම් කළ ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය, ‘බීඒ.1’ යන නමින් නම් කළ ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු වන්නේ එය ඉතාමත් වේගයෙන් සම්ප්‍රේෂණය වන නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.
ඊට අමතරව ‘බීඒ.1.1’ ලෙසත්, ‘බීඒ.2.1’ ලෙසත් තවත් උප ප්‍රභේද කීපයක් බෙදී ඇති අතර, ඒවා ද මේ වනවිට සමාජගතවෙමින් පවතින බව වාර්තා වේ. මෙම සියලු උප ප්‍රභේද මුල් ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට සමාන නමුත් සුළු වෙනස්කම් පෙන්නුම් කරනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
ඇතැම් අවස්ථාවල ‘බීඒ.1’ ඔමික්‍රෝන් විකෘතියට වඩා, ‘බීඒ.2.’ සහ සෙසු උප ප්‍රභේද බිහිසුණු යැයි ද විවිධ රටවල වෛද්‍ය පර්යේෂකයකන් පෙන්වා දී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
‘බීඒ.2’ උප ප්‍රභේදය බිහිසුණු ලෙස ව්‍යාප්තවන්නේ ඩෙන්මාර්කයෙන් බව පැවැසෙයි. ඩෙන්මාර්කයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 88 ක් ‘බීඒ.2’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ආසාදනය වූවන් බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
“ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය සමාජගත වීම ආරම්භ වූයේ, කොවිඩ් 19 වසංගතය අවසන් කරන්නැයි බොහෝ දෙනාගේ විශ්වාසයක් තිබෙනවා. විශේෂඥයන් පවා ඒ මතයේ සිටිනවා. ඒත් ඔමික්‍රෝන් හෝ ඔමික්‍රෝන් උප ප්‍රභේද හෝ අවතක්සේරු කරන්න හොඳ නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමටත් සහ බූස්ටර් එන්නත් ලබා ගැනීමටත් ලොව සෑම කෙනකුම උනන්දු විය යුතුයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2286
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රෝන්වලට වඩා උප ප්‍රභේදය බිහිසුණුයි