IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔබාමාට කොංග‍්‍රස් අනුමැතිය දෙන්න: සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉල්ලති

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි සිරියානු කැරැලිකරුවන්ට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊයේ (2) ඇමෙරිකන් කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ඔවුන් එම ඉල්ලීම කළේ, කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන බව ජනපති ඔබාමා පැවැසීමත් සමඟය.
සිරියානු අර්බුදය ගැන කොංග‍්‍රස් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමටත් සිරියාවට පහර දෙනවා ද නැද්ද යන්න විවාදයට ගැනීමටත් නියමිත බව ජනපති ඔබාමා එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති ඔබාමාගේ අණ පරිදි සිරියා රජයට එරෙහිව හමුදා ප‍්‍රහාරයකට මේ වනවිට සියල්ල සූදානම්ය. ප‍්‍රහාරය ආරම්භ කිරීමට නම් කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙයි.

සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගන්නවා නම්, සිවිල් ජීවිත හානි අවම කිරීමට කටයුතු කරමින්, සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන හඳුනාගෙන ඒවාට පමණක් පහර දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. ඔබාමා ඉකුත් 31 වැනිදා එරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමුවී  සිරියාවට පහර දීමක් කළ යුතු ආකාරය ගැන සාකච්ඡුාවක් ද පැවැත්වීය.

සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීම සඳහා කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ජනපති ඔබාමා සූදානමින් සිටින්නේ, ඇමෙරිකාවේ ප‍්‍රධාන නගර කිහිපයකම ඔබාමාට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්වෙද්දීය.

බහුතරයක් ඇමෙරිකානුවන්ගේ අදහස වී ඇත්තේ, ඇමෙරිකාව සිරියානු අර්බුදයට මැදිහත් නොවිය යුතු බවය. ඇමෙරිකා නගරවල විරෝධතා පැවැත්වුණේ සිරියා රජයට එරෙහිව හමුදාමය මැදිහත් වීම් එපා යැයි පවසමිනි. ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ඇතැමුන්ගෙන් ද විරෝධයක් එල්ල වී ඇත.

ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කරන්නේ නම්, තමන් ඇමෙරිකාවට සහාය දෙන බව ප‍්‍රංශයත් ඊශ‍්‍රායලයත් පවසා ඇත. ජනපති ඔබාමා, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟ සිරියාවට පහර දෙන ආකාරය ගැන ඊයේ (2) විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය. සාකච්ඡාව පැවැත්වුණේ දුරකතනය ඔස්සේය. සිරියාවට පහර දීම සම්බන්ධයෙන් ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ගේ රජය ලබන 4 වැනිදා එරට පාර්ලිමේන්තුවට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 



අදහස් (0)

ඔබාමාට කොංග‍්‍රස් අනුමැතිය දෙන්න: සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉල්ලති

දුම්මලසූරිය. Tuesday, 03 September 2013 11:15 AM

සිරියා විපක්ෂයක් අපේ රටේ විපක්ෂය වගේමයි....තමන්ගේ පුද්ගලික වාසි තකා තමන්ගේම මාතෘභූමිය විනාශ කරන්න කියලා පිටරැටියන්ට ආරාධනා කරනවා.......කණගාටුයි......ඉතාම කණගාටුයි......ඔය මිනිස්සුන්ට තමන් කරන අනුවනකමේ පලවිපාක ලැබෙද්දී තේරෙයි කරපු ගොන්කම්....නමුත් ....එදාට ඔවුන් පරක්කු වැඩි...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 948 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site