ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති බැරැුක් ඔබාමා සමඟ තරග කරන තම අපේක්ෂකයා මිට් රොම්නි යැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය ඊයේ (29) නිල වශයෙන් නිවේදනය කළේය. ජනපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය, මිට් රොම්නි (65) ඇතුළු අපේක්ෂකයන් කිහිප දෙනෙකු නම් කර තිබුණු අතර ඔවුන් අතරින් ඉදිරියට පැමිණීමට සමත් වූයේ රොම්නිය. රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තරයේ බොහෝ දෙනාගේ කැමැත්ත පළ වී ඇත්තේ ද රොම්නිටය. රොම්නි ඉදිරිපත් කළ ආර්ථික සහ ආරක්ෂක සැලැසුම් ගැන ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ ප‍්‍රසාදය හිමි වී ඇතැයි ද රිපබ්ලිකන් පක්ෂය නිවේදනය කරයි. ඇමෙරිකා දේශපාලනඥයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන රොම්නි උපන්නේ 1947 වසරේ මාර්තු 12 වැනිදාය. ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ 70 වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ද ඔහුය. තම උප ජනපතිවරයා ලෙස රොම්නි නම් කළ පෝල් රයන්ට ද ජනතා ප‍්‍රසාදය හිමිවී ඇත. මේ වනවිට රොම්නි ඇමෙරිකාව පුරා සැරිසරමින් මැතිවරණ රැුලි පවත්වන්නේ රයන් ද සමඟය. නොවැම්බර් ජනාධිපතිවරණයේදී රොම්නි, ඩිමොක‍්‍රටික් අපේක්ෂකයා මෙන්ම වත්මන් ජනපතිවරයා ද වන ඔබාමාට අභියෝගයක් වනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔබාමාගේ ප‍්‍රතිවාදියා මිට් රොම්නි
රාජා Thursday, 30 August 2012 01:03 PM
දෙන්නගෙන් කවුරු ආවත් අපිට වෙන හොදක් නැහැනේ. (නි)
චන්ද්‍රපාල Sunday, 02 September 2012 08:21 PM
කැළේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සිහි තබා ගන්න. (නි)
අමිල කටුනායක Thursday, 30 August 2012 07:15 PM
මේකත් දැන් තියෙන ලංකාවේ මැතිවරණ වගේ වෙයිද දන්නේ නැහැ. ජනතාවගේ උනන්දුවක් නැහැ. (නි)