ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාට ආරක්ෂාව සපයමින් ඔහු සමඟ පෙරේදා (14) කොලොම්බියාවට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් ආපසු යැවීමට කටයුතු කෙරුණි. එම නිලධාරීන් මත්පැන් පානය කර ගණිකාවන් ඇසුරු කරමින් කලහකාරීව හැසිරුණු බව ද වාර්තා වේ. ජනපති ඔබාමා කොලොම්බියාවට පැමිණියේ ඊයේ (15) ඇරැඹුණු කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහාය. සුපුරුදු පරිදි ජනපති ආරක්ෂක අංශ නිලධාරීහු ද ඔහු සමඟ පැමිණියහ. එම පිරිසට හමුදා අංශවල නිලධාරීන් ද සිටි බව මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් වැඩි දෙනා විවාහකයන් බව ද වාර්තා වේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ හමුදා අංශවල නිලධාරීන් පමණකි. ආරක්ෂක නිලධාරීන් නවානැන් ගෙන සිටියේ මුහුද අසල පිහිටි කැරීබ් නමැති තරු පහේ හෝටලයේය. ඔවුන් අධික ලෙස මත්පැන් පානය කරමින් ගණිකාවන් ඇසුරු කළේ එහිදීය. ඒ ගැන ප‍්‍රසිද්ධියට පත් වූයේ එක් නිලධාරියකු ගණිකාවකට මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කළ නිසාය. දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. අවසානයේදී ජනපති ඔබාමා මැදිහත් වී එම සිද්ධියට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනා ආපසු ඇමෙරිකාවට යැවීමට තීරණය කළේය. එම නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ජනපති ආරක්ෂක අංශය පවසා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔබාමාගේ ආරක්ෂක නිලධාරීහු නොහොබිනා ලෙස හැසිරිලා