ඉන්දියාවේ ඔක්සිජන් අර්බුදය මැයි මාසය අග වන විටදී විසඳෙනු ඇතැයි පැවසේ.
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් හේතුවෙන් ඉන්දියාව මේ වනවිට දැඩි ඔක්සිජන් අර්බුදයකට විශේෂයෙන්ම වෛද්‍ය ඔක්සිජන් (මෙඩිකල් ඔක්සිජන්) අර්බුදයකට මුහුණ දී සිටියි.
දිනපති වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීම හේතුවෙන් නවදිල්ලි සහ මුම්බායි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක ඔක්සිජන් අවසන් වූ අතර ඒ හේතුවෙන් වයිරස ආසාදිත රෝගීන් පමණක් නොව ඔවුන්ගේ ඥාතිහු ද බොහෝ දුෂ්කරතාවලටත් පීඩාවටත් පත්වූහ.
මේ වනවිට ඔක්සිජන් නිෂ්පාදනය සියයට 25කින් වැඩි කර ඇති බවත් ඒවා ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ද යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ඉදිරියේ දී වැඩි වූ සැපයුමට සරිලන පරිදි ඔක්සිජන් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔක්සිජන් සපයන සමාගමක් වන ලින්ඩේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෝලී බැනර්ජි පැවැසීය.
මේ මාසයේ දී ඉන්දියාවේ දෛනික වෛද්‍ය ඔක්සිජන් භාවිතය සාමාන්‍ය ප්‍රමාණයේ සිට අට ගුණයකින් වැඩි වී ඇති මේ මාසයේ දී දෛනික වෛද්‍ය ඔක්සිජන් භාවිතය ටොන් 7,200ක් යැයි ද හෙතෙම කීය.
ලින්ඩේ සමාගම ඉන්දියාවේ විශාලතම වෛද්‍ය ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම ද වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.