ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අද (23) ප්‍රකාශ කළාය.
“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් මේ එන්නත නිෂ්පාදනය කිරීමට ඔක්ෆ්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම ගත් වෙහෙසට අපි කෘතඥ වෙනවා” යැයි රොයිටර්ස් පුවත් සේවයට නිවේදනයක් නිකුත් කරමින් සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළාය.
“මේ පුවත සුබදායක ආරංචියක්. සෑම රටකටම හැමතැනම ඉන්න ජනතාවට මෙය ඉතා වැදගත්” යැයි සෞම්‍යා ස්වාමිනාදන් කීවාය.
සිය ‘කොවිඩ්-19’ එන්නත සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ඇස්ට්‍රා සෙනෙකා සමාගම අද (23) නිවේදනය කළේය.
මෙයත් සමඟම ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජය කිරීමේ ලෝක සටනට තවත් ආයුධයක් එක්වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබිණි.
ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල එන්නතට වඩා මිලෙන් අඩු බවත්, පහසුවෙන් බෙදාහැරිය හැකි බවත් පහසුවෙන් ගබඩා කළ හැකි බවත් පැවසේ.
රොයිටර්ස්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි
vikum Tuesday, 24 November 2020 03:07 AM
කොවිඩි පරාජය කිරීමේ අරමුදලක් පිහිටුවීම රජයේ නව බලාපොරොත්තුව නොවේවිද?
banda Tuesday, 24 November 2020 08:46 AM
අපේ සුදර්ශන පැණිය මිලෙන් අඩු වගේම පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්.... අපිට හොඳයි අපේ පැණිය...