බංග්ලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදුවීමෙන් එහි සේවකයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් 13 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
පිපිරීමෙන් පසු ගින්නක් ද හටගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. පිපිරීම සිදුවූයේ ගිණිකොන දෙසින් පිහිටි චිතගොං වරාය නගරයට අයත් ‘සිටකුණ්ඩ’ බලාගාරයේය.
පිපිරීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් ඒ ගැන මෙතෙක් අනාවරණය වී නොමැත. බලාගාරය පිපිරී යද්දී, එහි කම්පනය කිලෝ මීටර් දෙකක් තරම් ඈතට දැණුනු බව ද පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔක්සිජන් කම්හලක පිපිරීමක්