IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


එ.ජා. සාමාජිකත්වය ඉල්ලීමෙන් වළකින්නැයි ඇමෙරිකාවෙන් පලස්තීනයට තර්ජන

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගැනීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව, පලස්තීන ජනපති මහුමුද් අබ්බාස්ගෙන් ඉල්ලා සිටී. ඇමෙරිකාව එම ඉල්ලීම කළේ පලස්තීන ජනපතිවරයා යළිත් වරක් සිය රටට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් ඊයේ (29) අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටිද්දීය. ජනපති අබ්බාස් එම අයැදුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීය. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් ද එක්සත් ජාතීන්ගේ සෙසු සාමාජික රටවලින් ද පලස්තීනයට සහාය පළ වී ඇත. සාමාජිකත්වය ලබා ගැනීමට නම් 2/3 ක ඡන්දය හිමි කර ගැනීමට පලස්තීනයට සිදුවේ. පලස්තීනය විරෝධය පළ කරන්නේ  ඇමෙරිකාව, ඊශ‍්‍රායලය සහ පලා ඕ රාජ්‍යයයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 කි. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නීත්‍යාණුකූලව පිළිගැනීමට සියලූම සුදුසුකම් සපුරා ඇතැයි සහාය පළ කරන සාමාජික රටවල් එකහෙළා කියා සිටී. කෙසේ නමුත් ඇමෙරිකාව පුනපුනා කියා ඇත්තේ සෙසු රටවල ඡන්දය හිමි වුවත් තමන් තම නිෂේධ බලය යොදා එය පරාජය කරන බවය.



අදහස් (0)

එ.ජා. සාමාජිකත්වය ඉල්ලීමෙන් වළකින්නැයි ඇමෙරිකාවෙන් පලස්තීනයට තර්ජන

උදය Friday, 30 November 2012 11:50 AM

කෝ දැන් මානව හිමිකම් ගැන කතා කරන අය (ස)

:       0       0

රිෆායි Saturday, 01 December 2012 02:07 PM

මදු !! ඔබ හරි . එකාදිපතිවාදය නැති කරමු . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 205 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 704 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site