IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එ.ජා. මහ ලේකම් පාකිස්තානයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (13) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය.
මහ ලේකම්වරයාගේ එම පාකිස්තාන සංචාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ ඉන්දු පාකිස්තාන දේශසීමා අර්බුදය ගැන පාකිස්තාන රජයෙන් කරුණු විමසීමය.
විශේෂ ආරක්ෂාවක් යටතේ ඉස්ලාමාබාද් නුවරට පැමිණි  මහ ලේකම්වරයා පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෙන්ම ජනාධිපති අසීෆ් අලී සර්දාරි හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීය.
න්‍යෂ්ටික බලයට හිමිකම් කියන ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා අර්බුදයක් නිර්මාණය වූයේ ඊට සතියකට පමණ පෙර, පාකිස්තාන සෙබළුන් කණ්ඩායමක් ඉන්දීය දේශසීමාවට ඇතුළු වී කළ වෙඩි තැබීමකින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු මිය යෑමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි.
පාකිස්තානය තරයේ කියා සිටින්නේ තමන් ඉන්දීය දේශසීමාවට ඇතුළු නොවූ බවත් ඉන්දීය සෙබළුන්ට වෙඩි තැබීමක් නොකළ බවත්ය. අර්බුදය දුරදිග ගියහොත් දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක් හටගැනීමේ අවදානමක් ද පවතින බව දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
එම වෙඩි තැබීම මුල්කොට ගනිමින් නවදිල්ලියේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ද දැවැන්ත විරෝධතා රැලි පැවැත් විණි.
ඉන්දු පාකිස්තාන හමුදාපතිවරුන් එම වෙඩි තැබීමේ සිද්ධිය ගැන සාකච්ඡුා පැවැත් වූ නමුත් අර්බුදය විසඳා ගැනීමට නොහැකි විය.
පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දුන් අවස්ථාවේදී අවධාරණය කළේ ඉන්දියාවත් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවය.
මීට අමතරව ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ ප‍්‍රදේශ රැුසක හටගෙන ඇති ජලගැලීම් නිසා උන්හිටිතැන් අහිමි වූ දහස් ගණනක් වැසියන්ට සහනාධාර ලබා දීම ගැන ද මහ ලේකම්වරයා සොයා ලැබුවේය.



අදහස් (0)

එ.ජා. මහ ලේකම් පාකිස්තානයේ සංචාරයක

තෙෂාන් Wednesday, 14 August 2013 09:59 AM

එන්නකො ලංකාවට......... (ස)

:       0       0

ධම්ම Wednesday, 14 August 2013 10:07 AM

ඒ ගමන එතරම් සුබදායක නැහැ. අපට මතකයි මෙයාලා ඉරාකෙට ගිහිල්ලා ආපසු ආවාම වෙච්චදේ. ඉරාකය තවම අමු සොහොනක්.(ස)

:       0       0

දිසානායක Wednesday, 14 August 2013 09:34 PM

ගිය තැන විනසයි වැද්ද ගන්න එපා (අ)

:       0       0

පිටිගල Wednesday, 14 August 2013 11:12 PM

ගියොත් නැති ප්‍රශ්නයක් ඇති කරලා එයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site