IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එ.ජා. පරීක්ෂණ වාර්තාව අද

සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුුදුරු නගර කිහිපයකට ඉකුත් 21 වැනිදා එල්ල වූ විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් අද (29) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරනු ඇත්තේ ඩමැස්කස් අගනුවරට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමය.

එම පරීක්ෂණ කණ්ඩායම විස වායු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින් සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියේ ඉකුත් 26 වැනිදාය.
පරීක්ෂණ කණ්ඩායම ඩමැස්කස් අගනුවරට පැමිණියේ, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ අවසරය හිමි වීමෙන් පසුවය.

පරීක්ෂණ කණ්ඩායමට ආරක්ෂාව දීමට සිරියානු රජය පොරොන්දු වී තිබුණු නමුත් සිරියා රජය කියා සිටි පරිදි කැරැලිකාර පාර්ශ්වය ඒ ගැන සහතිකයක් ලබා නොදුන් නිසා පරීක්ෂණ කටයුතුවලට ද බාධා එල්ල වූ බව වාර්තා විය.

පසුගිය 26 වැනිදා සවස එම පිරිස රැුගත් රිය පෙරහර, විස වායු ප‍්‍රහාරයට ලක් වූ බව කී ප‍්‍රදේශයේ සංචාරය කිරීමට යද්දී ස්නයිපර් ප‍්‍රහාරයකට ලක් විය.
ස්නයිපර් තුවක්කුකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් පරීක්ෂණ කණ්ඩායමේ කිසිවකුටවත් අනතුරක් සිදුනොවුණු අතර, තුවක්කුකරුවන්ට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පරීක්ෂණ කණ්ඩායම සමඟ ගිය සිරියානු රජයේ හමුදා සෙබළුන් සමත් වූ බව විදෙස් පුවත් සේවා එම අවස්ථාවේදී වාර්තා කළේය.

තම පරීක්ෂණ කණ්ඩායමට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීම තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සෙරීන් නමැති විස වායුව යොදා ගනිමින් ඩමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි කුඩා නගර තුනකට මිසයිල ප‍්‍රහාර එල්ල වූයේ ඉකුත් 21 වැනිදාය. එම ප‍්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 1,700 දෙනකු මිය ගිය අතර තවත් 4,000 ක් රෝගී වූහ.

විස වායු ප‍්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි කැරැලිකාර පාර්ශ්වය චෝදනා කරන අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ප‍්‍රකාශ කරන්නේ විස වායු ප‍්‍රහාරය කැරැලිකරුවන් විසින් සිදු කරනු ලැබූවක් බවය.

සෙරීන් විස වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනෙන අතර ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ විශාලතම සෙරීන් විස වායු තොගය ඇත්තේ සිරියානු රජය සතුව කියාය.
 

එක්සත් ජානීන්ගේ පරීක්ෂකයෝ විස වායු ප‍්‍රහාරයට ලක් වූ නගරවල සංචාරය කරමින්...

 



අදහස් (0)

එ.ජා. පරීක්ෂණ වාර්තාව අද

ධම්ම Thursday, 29 August 2013 02:25 PM

මේ සංවිධානෙ නියමෙට පාර කපලා දෙයි ඇමෙරිකන් හමුදාවලට. ඉරාකෙට පාර කපා දුන් හැටි අපට තාම මතකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site