එවරස්ට් කඳුමුදුනේ කැළි කසළ ගැටළුවට පිළියමක් වශයෙන් සෑම කදු නගින්නෙකුම එවරස්ට් කදු මුදුන තරණය කර යළිත් පහළට බසින විට තමන් බැහැර කළ අපද්‍රව්‍ය වලට අමතරව කදු මුදුනින් එකතු කර ගත් තවත් අපද්‍රව්‍ය කිලෝ 8 ක් පහළට ගෙන ආ යුතුයැයි නව නීතියක් පැනවීමට නේපාල බළධාරීන් කටයුතු කර තිබේ.
1953 දී එඞ්මන්ඞ් හිලරි හා ටෙන්සින්ග් නොර්ගේ එවරස්ට් කදු මුදුන ප‍්‍රථම වතාවට තරණය කළ පසු මේ දක්වා දහස් ගණනක් කදු නගින්නන් එවරස්ට් කදු මුදුන තරණය කර තිබේ.කදු මුදුන තරණය කළා සේම ඔවුන් කදු මුදුන තරම්ම වන කැළි කසළ කන්දක්ද ගොඩනගා පැමිණ ඇති බව කදු මුදුන ආශි‍්‍රත පරිසරය පිරිසිදු කිරීමේ යෙදෙන පරිසර ආරක්ෂක සංවිධාන කියයි.
2008 වසරේ සිට මේ දක්වා එවරස්ට් කදු මුදුනින් කැළි කසළ ටොන් 15 ක් පමණ ඉවත් කර තිබේ.තවත් ටොන් ගණනක කැළි කසළ ඉවත් කිරීමට තිබෙන බව සදහන්ය.
ඉවතලූ ආහාර කවර,මිනිස් මළ පහ පිරුණු බදුන්,කූඩාරම්,හිස් ඔක්සිජන් ටැංකි මෙම කැළි කසළ අතර වන බව පැවසේ.
නීතිය කඩ කරන්නන්ට දෙන දඩුවම කවරේදැයි මෙතෙක් නේපාල බළධාරීන් තීරණයක් ගෙන නොමැත.එය විශාල දඩයක් වනු ඇතැයි මත පළවේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එවරස්ට් නැඟ කුණුත් අදින්න වේ
චන්ද්‍රිකා Wednesday, 05 March 2014 12:41 PM
ශ්‍රී පාදය නගින අයටත් මේ නීතියම ක්‍රියාත්මක කළ යුතුයි (දිල්)
විරාජ් Wednesday, 05 March 2014 12:49 PM
සිරිපා පහස ලද සමනල සිරස කරුණා කරන බැතිමතුන්ටත් මෙම නීතියම ක්‍රියාත්මක කලහොත් ලෝක උරුමයක් වන සමනල වණ සිරසත් තවත් බොහෝ කාලයක් රැකේවි.(නදී)
රජින්ද Wednesday, 05 March 2014 04:44 PM
මිනිසුන් කොහේද? විනාශයත් එතැනමය. මේවා ඉතාමත් නින්දිත මිනිස් ක්‍රියාකාරකම්ය.(නදී)