IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සැමරේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කිරුළ දරා වසර 70 ක් සපිරීමේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් එංගලන්තයේත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් පැවැත්විණි‍.

එංගලන්තයේ සැමරුම් උත්සව, එලිසබත් මහ රැජිනගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් පැවති හමුදා උත්තමාචාර මැද ආරම්භ විය. සැමියා පිලිප් කුමරුන්ගේ අභවයෙන් පසු, මහ රැජින සැමරුම් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය. එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය දෙවැනිදා සිට සිවු දිනක් එංගලන්තය පුරා උත්සව පැවැත්වෙයි.

96 හැවිරිදි එලිසබත් මහ රැජිනට ලොව නන්දෙසින් සුබ පැතුම් ලැබී තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මහ රැජිනට සුබ පැතීම විශේෂත්වයකි. උතුරු කොරියානු නායකයා රැජිනට සුබ පතා ඇත්තේ ලිපියක් මගිනි.

මහ රැජිනට සුබ පැතුම් එක් කළ සෙසු රාජ්‍ය නායකයන් අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ද සිටිති.

මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුව වෙනුවෙන්, රජ පවුලෙන් වෙන් වී ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල් ද යළි බ්‍රිතාන්‍යයට පැමිණ සිටිති. ඒ දරු දෙදෙනා ද සමඟය. හැරී සහ මෙගාන් බ්‍රිතාන්‍යයට පැමිණ රැජිනගේ ප්ලැටිනම් ජුබිලියට සහභාගී වන්නේ රැජිනගේ විශේෂ ඇරැයුමකට අනුවය. හැරී සහ මෙගාන්ගේ දියණිය ලිලිබට් පළමු වරට හමුවීමට ද මහ රැජිනට අවස්ථාවක් උදා වූ බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (0)

එලිසබත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site