ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂක කොන්දේසි ප්‍රතික්ෂේප කරමින්, දැඩි මාවතක් අනුගමනය කළහොත්, ඉතා ඉක්මනින් තමාට එල්ලවන පීඩනයට පිළිතුරු දීමට සිදු වන බව රුසියාව අනතුරු අඟවයි.
යුක්රේන දේශසීමා අසල රුසියානු හමුදාවේ යුද ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙන බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
එවැනි අවස්ථාවක ඇන හිට ඇති යුක්රේන සාම ක්රියාවලිය නැවත පණ ගැන්වීමේ අදහසින් ප්‍රංශයේ ,ජර්මනියේ, රුසියාවේ සහ යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් ඊයේ (26) පැරිස් නුවරදී හමුවිය.
රුසියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන්, රුසියානු විදේශ අමාත්ය සර්ගෙයි ලැව්රොව් ගෙන් විමසා සිටියේ එල්ලවන පීඩනයට පිළිතුරු දීමේදී වෙනිසියුලාව,කියුබාව සහ නිකරගුවාව සමග සහයෝගිත්වයක් ඇති කර ගන්නවාද යන්නය.
"අපිට ඉතාමත් සමීප සම්බන්ධතා තියෙනවා මේ රටවල් වලට අපි ඒවා තවත් ගැඹුරෙන් පවත්වන්න උත්සහ කරනවා " යනුවෙන් එහිදී රුසියානු විදේශ ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
රුසියාව, වෙනිසියුලාවේ,කියුබාව සහ නිකරගුවාව සමග සහයෝගිත්වයක් ඇති කරගෙන හමුදාවන් සහ ආයුධ යවනු ලැබුවහොත්, මෙම රටවල් යුක්රේනයට වඩා ඇමෙරිකාවට ළගින් පිහිටා ඇති බැවින් මෙම යුද බලය ප්‍රයෝජනවත් විය හැක්කේ යුක්රේනයට පහරදීමට නොව ඇමෙරිකාවට පහර දීමට බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
"බටහිර රාජ්‍ය කිව් අගනුවර වෙත මාරාන්තික අවි ආයුධ ආධාර වශයෙන් ලබා දෙනවා. වොෂින්ටනය අපගේ මුදල් ඒකකය පහත හෙලීමට කරන්න පුළුවන් හැමදේම කරනවා, අපි ඉන්නේ අපගේ කොන්දේසි වලට ඇමෙරිකාවෙන් ලිඛිත පිළිතුරක් ලැබෙන තුරු, ලැබුණායින් පස්සේ අපි ගන්න ඕන ඊළඟ පියවර ගැන ජනාධිපති තුමාට උපදෙස් දෙනවා. අපි අපේ කොන්දේසි නිමක් නැති සාකච්ඡ වල ගිලෙන්න දෙන්නෙ නෑ, මෙවැනි දැඩි පීඩනයක් එල්ල කරද්දි අපිටත් අත් දෙක බැඳගෙන බලන් ඉන්න බෑ " රුසියානු විදේශ අමාත්ය සර්ගෙයි ලැව්රොව් මහතා මෙසේ පැවසීය.
රුසියාවේ අනතුරු ඇඟවීම් වලට පිළිතුරු දෙමින් ඇමෙරිකානු රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා රුසියාවේ ප්‍රධාන කොන්දේසියක් වූ කිසිම දිනක යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමජිකත්වය ලබානොදෙන බවට පොරොන්දුව නිල වශයෙන් ලිඛිතව ප්‍රතික්ෂේප කර ඇත .
දිනෙන් දින රුසියාව සහ යුක්රේනය අතර උණුසුම වැඩි වෙමින් පවතී. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවන බවට අනතුරු අඟවා ඇත.
රුසියාව තමන්ට එල්ල වන පීඩනයට ඉක්මනින් පිළිතුරු දෙන බවට ඇමෙරිකාවට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු - ටයිම්ස් ඔෆ් ඉන්දියා)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එල්ල වන පීඩනයට පිළිතුරු දෙන්න වෙනවා