IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එපා දරුවන් බාර දෙන තැනක් චීනයේ

මහමග දරුවන් අතහැර දමා යන දෙමව්පියන් ඉලක්ක කරගෙන ඉදිකෙරුණු ‘‘එපා වුණු ළමයින් සදහා වන කුටියක්‘‘ චීනයේ නන්ජින්ග් ප‍්‍රාන්තයේ ඇත.

මෙම කුටියේ භාරකාරීත්වය දරන්නේ නන්ජින්ග් ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක වන සමාජ සුභසාධන ආයතනයකි.දරුවන් මහමග දමා යනවාට වඩා ඔවුන්තම ආයතනයේ රැකවරණය යටතට ලබා දෙන්න යැයි එවන් දෙමව්පියන් වේ නම් ඔවුන් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම කාමරය ඉදිකළ බව ආයතනයේ බළධාරීන් කියයි.

කාමරය පිහිටා ඇත්තේ ආයතනයේ සිට ඇවිදින දුරකිනි.

කාමරයේ සංඥා පද්ධතියක් හා උෂ්ණත්ව පාලක පද්ධතියක් සවිකොට ඇත.දරුවෙකු කාමරයේ දමා යන පුද්ගලයෙකුට ඇත්තේ තමන් දරුවෙකු කුටියේ රැදවූයේ යැයි ඇගවීමට සංඥා පද්දතිය කි‍්‍රයාත්මක කිරීමටය.එවිට ප‍්‍රධාන ආයතනයේ සවිකර ඇති සංඥා කි‍්‍රයාත්මක වන අතර බළධාරීන් කුටියේ දරුවෙකු රදවා ගොස් ඇතැයි දැනගනී.

 

උෂ්ණත්ව පාලක පද්දතියෙන් කුටියේ උෂ්ණත්වය යාමනය කෙරෙන නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වය කුමක් වුවත් එයින් දරුවාට හානියක් සිදුනොවේ.

දරුවා තමන්ගේ භාරයට ගන්නා බළධාරීන් එතැන් පටන් දරුවාව රැකබලා ගැනීම සිදුකරයි.

චීනයේ බොහෝ අවස්ථාවන්හි මහමග අතහැර දමා යනු ලැබෙන්නේ අත දරුවන්ය.නිසි රැකවරණයක් නොලැබීම නිසා බොහෝ අවස්ථාවන්හි එවන් දරුවන් ක්ෂණිකයෙන් මරණයට පත්වේ.

දරුවන් අතහැර දැමිම සම්බන්ධයෙන් දෙමව්පියන්ටත් ඇගිල්ල දිගු කළ නොහැක්කේ චීනයේ කි‍්‍රයාත්මක වන එක් දරු නීතිය නිසාය.යුවළකට දරුවන් දෙතුන් දෙනෙකු සිටී නම් එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි තරමේ වරදකි.

ලොව වටිනාම සම්පත වන දරුවන්ට මෙසේ සැළකීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මෙම සමාජ සේවා ආයතනයේ අදහසයි.මහමග අතහැර දමා යන දරුවන්ටත් යහපත් අනාගතයක් ඇති කිරීමට තමන් කැපවී කි‍්‍රයාකරන බව ඔවුන් කියයි.

 



අදහස් (0)

එපා දරුවන් බාර දෙන තැනක් චීනයේ

මධූ Sunday, 01 December 2013 09:13 PM

හොද පුවතක් ! (නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 01 December 2013 10:19 PM

මෙවැනි දරුවෙක් වැසිකිලි බටයකින් බේරා ගත් බව වාර්තා උනේ චීනයෙන්. එපා දරුවන් බාර ගන්නා ස්ථානයක් හඳුන්වා දීමට චීනය ගත් උත්සාහය ඉතාමත් කාලෝචිතයි. ඇත්ත වශයෙන්ම මුළු ලෝකයම අනුගමනය කල යුතු කාර්යයක්. අධිකරණ ක්‍රියා පද්ධතියට ද නිදහසක්. නොතේරුම් කම හෝ කිසියම් දුශිතයින් නිසා හෝ අන්ධ භක්තියෙන් ,මෙවැනි උපත් සිදුවෙන නිසා. අහිංසක නොදරුවන් අකල්මරණ වලින් බේරා ගැනීම සමාජ සුභ සිද්දියට කටයුතුකරන සෑම රජයකම වගකීමක් , සිර මැදිරි පුරවනවාට වඩා. අපේ රටේ ද මෙවැනි වාර්තා ගණනාවක්ම පුවත්පත් වලින් පලවීම ඉතාමත් ඛේදජනකයි. රජයටම එකහෙලා. මෙවැනි කර්තව්වයකට කටයුතු කිරීමට නොහැකි නම් ,නිදසුනක් වශයෙන් " සර්වෝදය " වැනි සුභ සාධක ආයතන වල සහෝයෝගය ලබාගෙන හෝ ඉතා කඩිනමින් ප්‍රති කර්මයක් යෙදීම රජයේ වගකිව යුත්තන්ගේ පරම යුතුකක් බව මාගේ හැගීමයි.කව්රු මොනවා කීවත් චීනයේ හොඳ වැඩක් .....ලොවට ආදර්ශයක්.. (නදී)

:       0       0

සත්‍යා Monday, 02 December 2013 12:13 PM

සර්වෝදය ගැන නම් මතක් කරන්නවත් එපා. (ස)

:       0       0

ශාන් Monday, 02 December 2013 01:10 AM

ලංකාවෙත් එක්දරු හෝ දෙදරු නීතියක් තියනවා නම් රටට අනවශ්‍ය කරදර කාරයන් බිහි නොවෙන්න පුළුවන්.(නදී)

:       0       0

අරුසියා Tuesday, 03 December 2013 02:13 AM

ශාන්. එහෙනම් පා‍රවල් වල ළමයි නිකන් දාලා යන්න දුන්නොත් ළමයි කී දෙනෙක් අද අනාථ මඩම් වල හිටියිද? (නි)

:       0       0

නිලා Monday, 02 December 2013 01:58 AM

ලංකාවෙත් ඔය වගේ තැනක් තිබුන නම් හොදයි. මහ මග දමා යන ළමුන්ටත් ජීවත් වෙන්න අයිතිය ලැබේවි.(නදී)

:       0       0

නසීර් Monday, 02 December 2013 03:06 PM

ශාන් මොකද නිකන්? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site