
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, යුක්රේන යුද්ධයේ දී රුසියාව රසායනික අවි ප්‍රහාරයකට හෝ න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරු අනුවය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඉන්පසු රුසියන් හමුදා නැගෙනහිර යුක්රේනයේ නගර සහ පළාත් රැසක් අල්ලා ගත්තේය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්රේන රජයට සහ හමුදාවට සහාය දෙන අතර, යුක්රේන හමුදාව ශක්තිමත් වී සිටින්නේ ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුධ සහ මිසයිලවලිනි.
මේ වනවිට රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ලකරමින්, රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබුණු නගර සහ පළාත් කීපයක් යළි තමන් සතු කර ගැනීමට යුක්රේන හමුදාව සමත් වී සිටී. මෙය රුසියාව ලැබූ පසුබෑමකි.
ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ එම ‘පසුබෑම’ හමුවේ, රුසියාව ඔවුන් සතු රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි හෝ භාවිතයට ගනිමින් යුක්රේනයට පහර දීමක් කරනු ඇති බවය.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇඟවීමක් කර ඇත්තේ මේ නිසාය. ‘මා රුසියන් ජනාපධිති පුටින්ට කියනවා. එපා. එපා. එපා. රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහර දෙන්න එපා. එසේ කළොත් මහා විනාශයක් වේවි. යුද්ධය වෙනස් මඟකට යොමු වේවි. එයින් අප කාටවත් හොඳක් වෙන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එපා එපා එපා බයිඩන් පුටින්ට අනතුරු අඟවයි
ravin Tuesday, 20 September 2022 10:30 AM
ඔනාවට වඩා ලෝක පොලිස්කාරයා වෙන්න ගිහින් බුශ් ඉල්ලන්කාපු හැටි අමතකවෙලා වගෙ.
දිමුත්Tuesday, 20 September 2022 12:28 PM
ලෝක පොලිස්කාරයාද? නැද්ද? කියන එක නෙමෙයි, මිනිස් සංහතියට පුටින් නිසා වෙන්න යන විනාසේ ගැන හිතන්න...
Surathala Tuesday, 20 September 2022 02:04 PM
ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ... ඔබලා විසින් ඇතිකළ අරාබි වසංතයේ දැන් මල්, පලතුරු වැහිවැහැලා ඒ රටවල් සුඛිත මුදිත වෙලා ඉන්නේ...!