IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එන්නත් දෙකම විදලත් කොරෝනා හැදිලා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් හවායි වැසියන් පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන්  විමර්ශනයක් පවත්වන බවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි.

හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. ඇමෙරිකානුවන්ට ඖෂධ ලබාදීම සහ අනුමත කිරීම සිදුවන්නේ ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේය.

මේ වනවිට, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේ ඇමෙරිකානුවන්ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත් තුනක් අනුමත කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානුවන්ට ලබා දී ඇත්තේ එම එන්නත් තුනය.

‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඞ් ජොන්සන්’ එම එන්නත්ය.

මෙම එන්නත් ඇමෙරිකන් එන්නත් වන අතර, ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත‍්‍රා දෙකකින් සමන්විතය. ‘ජොන්සන් ඇන්ඞ් ජොන්සන්’ එන්නත එක් මාත‍්‍රාවක් පමණි.

හවායි වැසියන්ට ලබා දී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ එන්නත් වන අතර, වයිරසය ආසාදනය වී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත‍්‍රා දෙකම ලබාගත් හවායි වැසියන් වීම විශේෂත්වයකි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ලබා ගෙන ඇත්තේ ‘ෆයිසර්’ එන්නත වන අතර උප ජනාධිපති කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ ‘මොඩර්නා’ එන්නතය.

‘කොවිඞ් 19 වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති කිසිදු එන්නතක් සියයට සියයක් සාර්ථක නැහැ. එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙනත් එක් කෙනකුට හෝ දෙන්නකුට වයිරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒත් එන්නතේ මාත‍්‍රා දෙකම ලබා ගත් 10 දෙනකුට හෝ 15 දෙනකුට වයිරසය ආසාදනය වුවහොත් එය විශේෂ තත්ත්වයක්. ඒ ගැන විමර්ශනයක් කිරීම අවශ්‍ය වෙනවා’ යැයි ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ.

(ඩේලිමේල්)



අදහස් (2)

එන්නත් දෙකම විදලත් කොරෝනා හැදිලා

hesa Wednesday, 24 March 2021 10:30 AM

සාමාන්‍යයෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්සට එන්නත් දුන්නෙත් පොර කකා පෝලිම් ගැහිලා ගන්නේත්, කවදා සිටද..?

:       1       1

chandima Friday, 26 March 2021 12:33 AM

කරුමෙට මේක වෙලා තියෙන්නේ පිට රටකනේ. මෙහෙ වුණා නම් රතු පාට බැනර් ඇඳගෙන රටවල් පුරා විරෝධතා තියෙනවා. ඒ මදිවට ගොත ගහ ගහ පාර්ලිමේන්තුවෙත් බෙරිහන්දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site