IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එන්නත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල

'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.

ඒ අනුව, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතින් පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත් ලබා දීම සුදුසු බවත්, එසේ කිරීමේ දී 'කොවිඩ් 19' වයිරසයට එරෙහි සිරුරේ සාර්ථක ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වෙයි.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතේ මාත්‍රා දෙකම ලබා ගන්නවාටත් වඩා දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා ගැනීමෙන්, වයිරසයට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය වැඩිවන බවත්, විකෘති වයිරස ප්‍රභේදවලට පවා ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවත් ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

යුරෝපා රටවල බොහෝ දෙනකුට පළමු එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සිදුවූයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවූ එන්නතය. ඉන්දියාවේදී 'කොවිෂීල්ඩ්' යන නමින් නිපදවන්නේ ද මෙම එන්නතය. ආසියා, අප්‍රිකා ඇතුළු රටවල් බොහොමයකට ඉන්දියාව පරිත්‍යාග කළේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොමිලේ බෙදා දීම සිදුවූයේත් මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.

රුධිරය කැටි ගැසෙන බැවින්, යුරෝපා රටවල ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය නවතා දැමුණු අතර, ඉන්දියානුවන්ට මුල්තැන දී එන්නත් බෙදා දීමට ඉන්දීය රජය තීරණය කිරීමත් සමඟ පළමු 'කොවිෂීල්ඩ්' එන්නත ගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව අහිමි විය. ඒ අනුව රටවල් බොහොමයක් දෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත ලබා දීමට යොමු වී සිටී.

(රොයිටර්)



අදහස් (0)

එන්නත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site