IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එන්නත් අනිවාර්ය කිරීමට ගත් උත්සාහය වරදී

ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ මහා පරිමාණයේ ව්‍යාපාරික සමාගම්වල සේවක සේවිකාවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කිරීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් උත්සාහය අසාර්ථක විය. ඒ, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට විරෝධය දැක්වූ බැවිනි.

ප්‍රධාන පෙළේ ඇමෙරිකන් සමාගම්වල සේවක සේවිකාවන් එන්නත් ලබා නොගන්නේ නම්, ඔවුන්ට මුහුණු ආවරණ අනිවාර්ය බවත්, සතියකට වරක් 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු විය යුතු බවත් බයිඩන් පරිපාලනය හඳුන්වා දීමට සැරැසුණු නව නීතිවල සඳහන් විය.

එන්නත් අනිවාර්ය කිරීමේ නීතියට විරෝධය පළ කරමින් ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, බයිඩන් පරිපාලනයට එසේ නීති සකස් කිරීමට අයිතියක් නොමැති බවය.

කෙසේ නමුත්, රජයේ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට 'කොවිඩ් 19' එන්නත අනිවාර්ය කිරීමට බයිඩන් පරිපාලනය සකස් කළ නව නීතිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.

'මා විශ්වාස කරන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගනිමින් වයිරස වසංගතයෙන් ආරක්ෂා වීම වැදගත් බවය. ජීවිත රැක ගනිමින්, රට ඉදිරියට ගෙන යෑමට එන්නත් ලබා ගැනීම වැදගත් යැයි මා විශ්වාස කරනවා. ප්‍රමුඛ පෙළේ විශාල සමාගම්වලට එන්නත් අනිවාර්ය කිරීමට උත්සාහ ගත්තේ ඒ නිසයි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වීම කනගාටුවක්" යැයි ජනාධිපති ජෝ බයිඩන් පසුව පැවැසුවේය.

විවිධාකාරයේ අර්බුද හේතුවෙන්, ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය මේ වනවිට පහළ ගොස් ඇති බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. එයින් එක් අර්බුදයක් වන්නේ 'කොවිඩ් 19" වසංගතයයි. තවමත් ලොව 'කොවිඩ් 19" අතින් ඉදිරියෙන්ම පසුවන්නේ ඇමෙරිකාවය.

(රොයිටර්)



අදහස් (0)

එන්නත් අනිවාර්ය කිරීමට ගත් උත්සාහය වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site