IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‍එඩින්බරෝ සරසවියෙන් ශාරුක් ඛාන්ටත් උපාධියක්

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ විද්‍යායතනයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ශා රුක් ඛාන් වෙත ගෞරව උපාධියක් ප්‍රධානය කර ඇත.

ඉංග්‍රීසි කතාකරන රටවල් සියල්ලගේම ඇති පැරණිම විශ්වවිද්‍යාල අතර හය වැන්න මේ සරසවියයි.

ශාරුක් ඛාන් කාලයක සිට  ක්‍රියාත්මක කරන විශිෂ්ට මානවහිතවාදී සමාජ සේවාවන් මෙන්ම සිනමා නළුවෙකු ලෙස ඔහු ලබාගැනීමට සමත්ව ඇති ජනප්‍රියත්වය සලකා බලා මෙම ගෞරව උපාධිය ලබාදීමට තීරණය කල බව විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය පවසා ඇත.

ඛාන් වෙත උපාධිය පිරිනැමුවේ කුලපති ඈන් කුමරිය විසිනි. මෙවැනි සම්භාවනීය විද්‍යායතනයකින් උපාධියක් ලබාගැනීමට හැකිවීම ගෞරවයක් බව ඛාන් පැවසිය.ඔහු විශ්ව විද්‍යාල සිසුන් අමතා විශේෂ දේශනයක්ද කළේය.

මේවනවිට ශාරුක් ඛාන් හින්දි චිත්‍රපට 80 කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන චරිතය සඳහා පෙනිසිට ඇත. 

පසුගියදා එඩින්බරා විශ්ව විද්‍යාලය ඉන්දියානු කේන්ද්‍රයක්ද ස්ථාපිත කළේය. මීට පෙර මෙම විශ්ව විද්‍යාලය විසින් ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් වෙතද ගෞරව උපාධියක් පිරිනමා ඇත. එඩින්බරා විශ්වවිද්‍යාලය සහ ඉන්දියාව අතර ඇති සහ සම්බන්ධතාවය වසර 250 කටත් වඩා පැරණි බව කියවේ. ඉන්දියාවේ රසායන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය චන්ද්‍රා රායි එහි පැරණිම උපාධිධරයින්ගෙන් කෙනෙකි.

KHAN201510161 KHAN420151016 KHAN520151016

 



අදහස් (0)

‍එඩින්බරෝ සරසවියෙන් ශාරුක් ඛාන්ටත් උපාධියක්

චන්න බුවනක Friday, 16 October 2015 08:02 AM

අපේ විශ්ව විද්‍යාලයකිනුත් එක්කෙනෙකුට ආචාර්ය උපාධියක් දුන්නා මතකයි. හැබැයි විෂය මොකක්ද කියලා මම දන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 16 October 2015 01:52 PM

හින්දි සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නළුවා ශාරුක්. (ර)

:       0       0

සාමා Friday, 16 October 2015 02:02 PM

ඉන්දියාවේ දැනට ඉන්න හොද නළුවෙක් තමයි. නමුත් අපේ විජය කුමාරතුංග යන් වගේ මානව හිතවාදී නැතුව ඇති.ශාරුක්ට ප්‍රේක්සකයෝ පෙන්න බැහැ.(අ)

:       0       0

ඇසළ Saturday, 17 October 2015 12:32 PM

අපේ ඉන්නේ නළුවෝ නෙමෙයි නළු බට්ටෝ. උපාධිය නැති වුනත් රට පාලනේට සුදුසු. (බ)

:       0       0

නාමල් Friday, 16 October 2015 08:20 AM

ශාරුක් ඛාන් කියන්නේ නිකම්ම නලුවෙක් විතරක් නොවේ.. ඉන්දියාවේ දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන යන උතුම් මිනිසෙක්...(බ)

:       0       0

චාරු Friday, 16 October 2015 02:28 PM

මේ නළුවා අඩු ගානේ තමන්ගේ රටේ නිදහස් දිනය දන්නවා ඇති. අපේ කට්ටිය ඒකවත් දන්නේ නැති තරම් ප්‍රතිභාපුර්නයි. (අ)

:       1       0

සමන්ති Saturday, 17 October 2015 02:31 PM

අපෙත් කට්ටියක් ඉන්නවා (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 02:44 PM

අපේ අය අපේ රටේ අය මොකද මේ තරම් පහත් තත්වයකට දමන්න බලන්නේ. (අ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 16 October 2015 08:45 AM

අපේ මර්වින් සිල්වත් දුප්පත් අය වෙනුවෙන් ඉන්නා කෙනෙක් , උගත් කම කෙසේ වෙතත් ඔහුත් ගෞරව උපාධි ලබා , ආචාර්ය පට්ටමක් ගත් කෙනෙක් (බ)

:       0       0

සුකිරි Friday, 16 October 2015 08:43 AM

ගස් අස්සේ නටනටා ඉන්න නළුවෝ මොකට පුම්බනවද.(බ)

:       0       0

තිස්ස Monday, 19 October 2015 09:21 AM

මේ වගේ සුබ දවසකවත් සැලුන් ගිහින් නැනේ. එන්න අපේ රටින් ඔයාට බාහිර උපාධියක් දෙනවා. (බ)

:       0       0

උදාරත් Monday, 19 October 2015 09:42 AM

මගේ සුබ පැතුම් (රේ)

:       0       0

යහම්පත් Wednesday, 21 October 2015 09:21 AM

අපි තවමත් ඉන්දීය අනුකරණය ඒ ආකාරයෙන්ම කරනවා. එයින් මිදී අපේම ක්‍රමයක් අනුගමනය කිරීම වෙනුවට, ඉන්දීය නළුවන් නිලියන් පිදීම, තව බොහෝ දේ කරනවා. දමා තිබෙන ප්‍රතිචාර වලින් එය මනාවට ඔප්පු වනවා. (ර)

:       0       0

කුමාරි Friday, 16 October 2015 09:42 AM

උපාධි ප්‍රධානොත්සවයෙ හැටි. එන්නකෝ ලංකාවට උපාධි ප්‍රධානොත්සව බලන්න. (ර)

:       0       0

මොහොමඩ් Saturday, 17 October 2015 05:13 AM

සුබ පැතුම් ඛාන්ට. දක්ෂ නළුවෙක්. (ර)

:       0       0

ජේම්ස් Saturday, 17 October 2015 09:42 PM

මොකක්ද දන්නේ නැහැ උපාධියේ විෂය? (නි)

:       0       0

සංජීව Friday, 16 October 2015 05:03 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ජේම්ස් Sunday, 18 October 2015 12:11 AM

හත් දෙවියනේ උපාධියකට ගිය කලක් (බ)

:       0       0

පාල Saturday, 17 October 2015 06:25 AM

මන් නම් ශරුක්කාන්ට කැමති නැහැ. (ර)

:       0       0

පවන් Sunday, 18 October 2015 01:07 AM

රුපවාහිනී වැඩසටහනක අපේ අලුත් තරුවකින් මාර්ටින් වික්‍රමසිංහ ගේ ඡායාරුපයක් පෙන්වා ඇහුව මෙහි ඉන්න අය අදුන ගන්න පුලුවනිද කියල. බැරි වුනා. (බ)

:       0       0

ෆර්සාන් Friday, 16 October 2015 08:31 PM

චන්න, ඔයාට අදද මේක හිතුනේ? මට නම් මේ වගේ විදේශ පුද්ගලයන්ගේ හපන්කම් බලන හැමවෙලේම හිතෙනවා. අපි ඔවුන් පහත් කරන්නේ නැහැ. ඒ වගේම අපේ අයත් දෙවැනිකොට සැළකියයුතු නැහැ (නි)

:       0       0

ඉන්දික Friday, 16 October 2015 09:48 PM

අර අපේ අහවල් අයියාට මොන විශ්ව විද්‍යාලයෙන් උපාධිය දෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 18 October 2015 06:20 PM

ඉන්දියාවට වැස්සත් අපේ කොටසක් ලංකාවේ ඉඳලා කුඩ ඉහළනවා. අපිට අපේ කියා ඉන්නා නළුවන් මෙයාට වඩා අපිට ලොකුයි (නි)

:       0       0

ප්‍රසාද් Friday, 16 October 2015 10:41 PM

දැන් අපේ අය එඩින්බරෝ විශ්ව විද්‍යාලයත් තුට්ටු දෙකේ තැනක් කියලා කියාවිද​ දන්නෙ නැහැ (නි)

:       0       0

රනිල් Friday, 16 October 2015 11:58 AM

සූකිරි, එහෙම කියන්න එපා. ශාරුක් හොඳ උපාධියක් තියන කෙනෙක්. අපේ අය වගේ නෙමෙයි. අනික ගොඩක් රංගනය ගැන ඉගෙනගත්ත කෙනෙක්! (නි)

:       0       0

රුක්ෂාන් Saturday, 17 October 2015 12:37 AM

චන්න බුවනෙක, ඉහළ තත්වයකට දමලා කතා කරන්න පුලුවන්ද තමන්ගේ රටේ නිදහස් දිනය දන්නේ නැති අය කලාව විහිලුවට ලක්කරනකොට? (නි)

:       0       0

සොපි Friday, 16 October 2015 12:35 PM

සන්තෝෂෙට රැවුලත් වවාගෙන ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site