IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


එට්නා පුපුරයි

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනිකන්ද පිපිරීමට ඉතා ආසන්නයේ පවතී. මාස කිහිපයක සිට ටිකෙන් ටික විදාරණය වෙමින් තිබූ ගිනිකන්දේ විවරයෙන් මැග්මා ගිනි ගෙන බුබුළු දමමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කටානියා පළාතේ කටානියා හා මෙසී යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. අප්‍රිකා භූතැටිය හා යුරෝ ඒසියා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති.

පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වූ සිසිලි ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා ඇත. අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දමා තිබේ.

ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත් පදිංචි කරුවන් ඉවත්කැර අවසන්ය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දැනටමත් ස්ථාන කිහිපයකින් ලාවා ගලා ඒම ආරම්භ වී ඇති බවයි.  

1405695601306_wps_24_SICILY_ITALY_JUNE_16_Moun

1405695615716_wps_27_SICILY_ITALY_JUNE_16_Moun

1405695631756_wps_31_SICILY_ITALY_JUNE_16_Moun

1405695630076_wps_30_SICILY_ITALY_JUNE_17_Moun

1405695596184_wps_23_SICILY_ITALY_JUNE_16_Moun

1405695608021_wps_26_SICILY_ITALY_JUNE_17_Moun

1405695629671_wps_29_SICILY_ITALY_JUNE_16_Moun

1405695604243_wps_25_SICILY_ITALY_JUNE_17_Moun

 



අදහස් (0)

එට්නා පුපුරයි

කුසුම් Sunday, 20 July 2014 08:30 AM

වසන්ත මහත්මයෝ, අපේ අය ලංකාව වගේ සුන්දර රටක් දාලා මේ වගේ රටවල් වලට යන්නේ, නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ දේශපාලකයින් විසින් සිදුකළ මහා ප්‍රාතිහාර්යයන් වල ප්‍රතිඵල විදිහට තමයි. (නි)

:       0       0

යශෝධා Saturday, 19 July 2014 11:58 AM

මෙවැනි දරුණු ව්‍යසන කිසිවක් නැති අපේ රට ගිනි කන්දක් කර ඇත්තේ එදා මෙදා තුර සිටි දේශපාලකයින්මය. (නදී)

:       0       0

විජේබා Saturday, 19 July 2014 12:26 PM

"ළඟ ළඟ මරු එති පින් කර ගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ. අපි ජීවත් වන්නේ ගිනි බෝලයක් උඩයි. සමතුලිතතාවය බිදෙන හැම මොහතකම භූමි කම්පාවක්, සුනාමියක්, ගිනි කඳු පිපිරීමක් වැනි දේ සිදුවිය හැකියි. විද්යාවෙන් මෙය කල් තියා දැන ගැනීමට පුලුවන්නම් ගොඩාක් ජීවිත බේරා ගැනීමට පුළුවන.(නදී)

:       0       0

වසන්ත Saturday, 19 July 2014 01:27 PM

අපේ අය ලංකාව වගේ සුන්දර රටක් අත ඇරලා මේ වගේ රටවලට යන්නේ මොකද මන්ද? (නදී)

:       0       0

කිර්තිරත්න Saturday, 19 July 2014 04:22 PM

ලංකාවේ දේශපාලුවන් රට පාලනය කරන හොඳකම (නදී)

:       0       0

සමන් Saturday, 19 July 2014 04:59 PM

ලංකාවේ මිනිසුන්ගේ ජීවන බර මේ ගිනිකදු වගේ තමයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 20 July 2014 04:07 AM

මේ ගිනි කන්දත් හරියටම කාන්තාවන් වගේ , ඈතට සුන්දරයි ලඟට ගියොත් විනාසයි. නැද්ද මම කියන්නේ (නදී)

:       0       0

විජේබා Saturday, 19 July 2014 06:45 AM

"ළඟ ළඟ මරු එති පින් කර ගන්නේ, කුමටද කුසලට කම්මැලි වන්නේ ??" අපි ජීවත් වන්නේ ගිනි බෝලයක් උඩයි. සමතුලිතතාවය බිදෙන හැම මොහතකම බූමි කම්පාවක්, සුනාමියක්, ගිනි කඳු පිපිරීමක් වැනි දේ සිදුවිය හැකියි. විද්‍යාවෙන් මෙය කල් තියා දැන ගැනීමට පුලුවන්නම් ගොඩාක් ජීවිත බේරා ගැනීමට පුළුවන. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 July 2014 07:41 AM

මේ ගිනි කන්දත් හරියටම කාන්තා පක්ෂය වගෙයි , ඈතට සුන්දරයි ලං උනොත් විනාසයි. හා නැද්ද ? (නදී)

:       0       0

මාලි Saturday, 19 July 2014 08:04 AM

දෙවියන්වහන්සේගෙන් අහන්න ගිනිකදු මැව්වෙ ඇයි කියල. (අ)

:       0       0

සෑම් Saturday, 19 July 2014 09:05 AM

නවීන තාක්ෂනය, දියුණු සන්නිවේදන සහ ප්‍රවාහන පහසුකම් නිසා මේවගේ ස්වාභාවික අනතුරු වලින් වන හානිය අවම කර ගැනීමට හැකියාව ලැබී තියනවා. විසුවියස් ගිනිකන්ද පුපුරායාමෙන් පොම්පෙයි සහ හර්කියූලේනියම් වලට සිදුවූ අවාසානාවන්ත සිදුවීම නැවත සිදු නොවේවා කියා සිතමු. අප කුඩාකළ ඒ සිදුවීම පාදක කොට ගත් "ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි" නවකතාව "දේවශාපය" ලෙස පරිවර්තනය කල අයි. එම් ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන් වැනි උගතුන් අධ්‍යාපන ඇමැතිකමට පත්වේවා කියා පතමි. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 20 July 2014 07:44 AM

මෙවැනි දරුණු ව්‍යසන කිසිවක් නැති අපේ රට ගිනි කන්දක් කර ඇත්තේ එදා මෙදා තුර සිටි දේශපාලකයින්මයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 351 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site