IMG-LOGO

එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ආරම්භ විය. සාමාජික රටවල් 193 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වීමටත් සමුළුව ඇමැතීමටත් නියමිතය.

ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධයාපන සහ සෞඛ්‍ය ආදී අංශ සම්බන්ධයෙන් පවතින අර්බුද මෙවර සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇත. ඊට අමතරව, 'කොවිඩ් 19' වසංතය සහ එයින් ලෝක ආර්ථිකයට එල්ල වුණු බලපෑම කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.

පසුගිය මහා මණ්ඩල සැසිය පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණයෙනි. සමුළුව පැවැත්වෙන නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට සහභාගී වූයේ රාජ්‍ය නායකයන් අතලොස්සක් පමණි. එසේ වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.

කෙසේ නමුත් මේවනවිට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවන බැවින්, එන්නත් ලබා ගත් රාජ්‍ය නායකයන්ට සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබී තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට යෑමට සූදානම් බවත්, ඔහු සමුළුව අමතන්නේ එලැඹෙන 21 වැනිදා බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්පසු ලබන 24 වැනිදා ජනාධිපති බයිඩන්, 'ක්වඩ්' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. එහිදී බයිඩන් ඉන්දියා, ඔස්ට්‍රේලියා සහ ජපන් රාජ්‍ය නායකයන් හමුවෙයි. මෙම සමුළුව පැවැත්වෙනු ඇත්තේ ධවල මන්දිරයේදීය.

(රොයිටර්)

 



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 370 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 182 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1874 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site