IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරාකයෙන් ඉල්ලීමක් කරයි

නිකරුණේ සිදුවන ජීවිත හානියවැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (6) ඉරාක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉරාකයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට සියයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී තිබේ.ඉහළ විරැකියාව, දුර්වල රාජ්‍ය සේවා සහ රටේ සිදුවන දූෂණයට විරෝධය පළ කරමින් දහස් ගණනක් විරෝධවතාවලට එක්ව සිටිති.

“දින පහක් මුළුල්ලේ මරණ සිදුවුණා. ජනතාව තුවාල ලැබුවා : මෙය අවසන් විය යුතු” යැයි ඉරාකය වෙනුවෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ සහාය දූත පිරිසේ ජෙනීන් හෙනිස් ප්‍රකාශ කළාය.

ජීවිත හානිවලට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය කීවාය.

සෙනසුරාදා (5) දිනයේදීද බැග්ඩෑඞ් අගනුවරදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වුණු අතර ආරක්ෂක වෙතින් ඊට බාධා එල්ල විය. අගනුවරදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පස් දෙනකු මියගිය බව වාර්තා විය. ආරක්ෂක අංශ වෙඩි තැබීම් සිදු කර ඇති බවත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත් තවදුරටත් වාර්තා විය.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර අතරවාරයේදී ඇති වූ ගැටුම් හේතුවෙන් 99 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉරාක පාර්ලිමේන්තුවේ මානව හිමිකම් කොමිසම සඳහන් කළේය. මේ වනවිට එම විරෝධතා ඉරාකයේ දකුණු දෙසටද ව්‍යාප්ත වී ඇතැයි පැවසේ.

ඉස්ලාමික් ස්ටේට් සංවිධානය පරාජයට පත්වීමෙන් පසු ඉරාකය තුළ ඇති වූ මාරාන්තික ගැටුම්කාරී තත්ත්වය මෙය වේ. වසර 2017 දී ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය ඉරාකය තුළ පරාජයට පත්වූ ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම විරෝධතා ඉරාක අගමැති අදෙල් අබ්දෙල් ප්‍රමුඛ ආණ්ඩුව හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය යැයි පැවසේ. හෙතෙම බලයට පත්වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ඒ.එෆ්.පී./රොයිටර්ස් 

055

 



අදහස් (1)

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරාකයෙන් ඉල්ලීමක් කරයි

රවින් Monday, 07 October 2019 08:10 AM

රටේ අවුල් පිටපස්සේ ඉන්න උදවිය ඉස්ස ඉස්සෙල්ලාම අයින් කරන්න. සංවිධානය රූකඩයක් කිරීම වලක්වා ගන්න. ලිබියාව දිහාත් ඇහැ ඇරලා බලන්න. එතකොට නිකම්ම සාමය උදාවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site