IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘එක්සත් ජාතීන්ගේ නිර්දේශ අනුව කාශ්මීර අර්බුදය විසඳන්න’

එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නිර්දේශ මාර්ගයෙන් කාශ්මීර අර්බුදය විසඳීමට පියවර ගන්නැයි එක්සත් රාජධානියේ විපක්ෂ නායක වන ජෙරමි කෝබින් මහතා පවසයි.

කාශ්මීර ජනතාවට අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් මෙම අර්බුදය විසඳීමට පියවර ගන්නැයි ද ඔහු කියයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක්  තබමින් එරට කම්කරු පක්ෂයේ ද නායකයා වන ජෙරමි කෝබින් මේ බව සඳහන්  කර තිබේ.

“කාශ්මීරයේ තත්ත්වය එන්න එන්නම කනගාටුදායක අතට හැරෙමින් තිබෙනවා. එහි සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිගන්න බැහැ. කාශ්මීර ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන්න ඕනේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ” යැයි ජෙරමි කෝබින් තැබූ ට්විටර් පණිවුඩයක දැක්විණි.

ජෙරම් කෝබින්ගේ ප්‍රකාශය එක්සත් රාජධානියේ සිටින ඉන්දීය සම්භවයක් සහිත පුරවැසියන්ගේ දැඩි අවධානයට යොමු වී සිටින අතර ඇතැමුන්ගෙන් කෝබින්ට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. කෝබින් “ඉන්දීය විරෝධී ප්‍රශ්නයක්” ලෝකයට පෙන්නුම් කිරීමට උත්සාහ කරන බවට ඇතැම් පිරිස් පවසා ඇත.

කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම ඉන්දියාව කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීම සහ ජම්මු සහ කාශ්මීරයේ සන්නිවේදන ජාල අවහිර කිරීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබිණි.  

කම්කරු පක්ෂයේ නායක සහ විපක්ෂ නායක ජෙරම් කෝබින් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම් නිසා කන්සවටිව් පක්ෂයේ බොබ් බ්ලැක්මන් කාශ්මීරයේ තත්ත්වය පහදමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ලිපියක් යවා ඇත. 

‘ද හින්දු ඇසුරිනි’ 
 
055




අදහස් (0)

‘එක්සත් ජාතීන්ගේ නිර්දේශ අනුව කාශ්මීර අර්බුදය විසඳන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site