මරණය කරා යන බව දැනුණු නිසාදෝ ඝාතකාගාරයක් බලා ධාවනය වෙමින් තිබුණු ට්‍රක් රථයක සිටි ඌරෙක් එයින් පනිනු දකුණු ඇමරිකාවේ මාර්ගයකදී දැකගත හැකිවුවේය.
ට්‍රක් රථයට පසුපසින් ආ මෝටර් රථයක සිටියන් විසින් පටිගත කැරුණු වීඩියෝවක ඌරා මුලින් තම හිස ඔසවා සිටිනුත් පසුව අපහසුවෙන් ට්‍රක් රථයේ බක්කිය කොටසේ ඇති පියන මතට නගිනුත් අනතුරුව පාරට පනිනුත් දැක්වේ.
ධාවනය වෙමින් තිබෙන ට්‍රක් රථයෙන් ඌරා බිමට පනිනුයේ අඩි 10 ක පමණ උසක සිටය.
ඌරා පාරට වැටුණු පසු කම්පනය නිසාදෝ මදක් නතර වී සිටිනුත් අවසානයේදී සතර පයෙන් නැගී සිට මාර්ගයේ පසෙකට ගමන් කරනුත් වීඩියෝ පටයේ සටහන්ව ඇත.
නිකුත්වූ දා පටන් මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් වීඩියෝව නරඹා තිබෙන අතර ඔවුන් සියල්ලක්ම පාහේ ‘‘වීර ඌරා‘‘ සම්බන්ධයෙන් ප්රශංසනාත්මකව අදහස් දක්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරා මාරාන්තික පිම්මක් පනී
දිල්රුක්ෂි Tuesday, 17 June 2014 08:07 AM
මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ (නි)
ගයන් සංජිව Sunday, 22 June 2014 03:03 PM
අහිංසක සතුන්ගේ මස් කනඑක නතර කරන්න .අපිව මෙහෙම මරන්න අරගෙන යනවනම් .අඩි දාහකින් උනත් පනිනවනේ. (දී)
ඩේමියන් Monday, 16 June 2014 10:09 PM
පව් අහිංසක සතා (නදී)
කිත්සිරි Thursday, 19 June 2014 08:17 AM
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා -න හනේය්ය න ඝාතයෙ. (ධම්ම පදය 129 ගාථාව - දණ්ඩ වග්ගය) සියලු ම සත්වයෝ දඬුවමට බිය වෙති. මරණයට බිය වෙති. තමා උපමා කරගෙන පර පණ ද සුරකින්න...(නදී)
ශාන්ති Monday, 16 June 2014 03:55 PM
කොහොම හරි ඌරා වීරයා බේරුනානේ (නදී)
ප්‍රනාන්දු Monday, 16 June 2014 01:41 AM
මොනා කරන්නද ජීවිතේ හැටි (අ)
හේමන්ත Sunday, 15 June 2014 06:07 PM
මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ. සියලු සත්වයන් තම ජීවිතයට ප්‍රිය කරත්. සබ්බේ භායන්ති මච්චුනෝ - සබ්බෙසන් ජීවිතං පියං. (නදී)
ලලිත් -එස්.එල් Tuesday, 17 June 2014 10:20 AM
කකුල් දෙකේ ඌරන්ට ජීවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ නේ. ඕකනේ බල්ලෝ බළල්ලු වගේ මරා ගන්නේ. (නදී)
ඉසුරන්දි Sunday, 15 June 2014 06:17 PM
මරණ බිය කාටද නැත්තේ දෙයියනේ (නදී)
මොහාන් වර්ණකුලසුරිය Thursday, 19 June 2014 09:21 AM
ඌරා බොන්න යන්න ඇති (නදී)
නිමල්කා Friday, 20 June 2014 12:12 AM
මරණ බය කාටත් පොදුයි (නි)
ලලිත් Monday, 16 June 2014 07:44 AM
වීර ඌරා!! (නි)
විජේසූරිය Monday, 16 June 2014 08:52 AM
හැබැයි අපේ අයට අහුවුණා නම් අත්අඩංගුවෙන් පැනයාමට තැත්කිරීමේ වරදට දඩුවම් විඳීමට සිදුවීම නම් නියතයි! (නි)
මංජු Tuesday, 17 June 2014 04:52 PM
මෙන්න නියම ඌරා. මේ වගේ හිටියා නම් අපේ අනික් සත්තුත්. (නදී)
අසංක Monday, 16 June 2014 11:57 AM
කොහොම හරි අපහු අල්ලාගෙන ආයුධ පෙන්වන්න එක්කන් යන්න ඕනි ! (ස)
නසාර් Monday, 16 June 2014 07:35 PM
මරණ හතක ඇති මිනිහෙක් පැණි කැහ(අ)
ප්‍රදීපා Thursday, 19 June 2014 11:41 AM
මම මේකේ වීඩියෝ එක බැලුවා (දී)
ප්‍රීති Wednesday, 18 June 2014 08:01 AM
සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා (නදී)