IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උෂ්ණ රටේ සීතල අවන්හලක්

කාන්තාර උෂ්ණත්වයක් සහිත ඩුබායිහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වේ. නමුත් සෙල්සියස් අංශක 6ක් පමණ උෂ්ණත්වයක් සහිත සීතල අවන්හලක් පිළිබ`ද ඩුබායිි නගරයකින් වාර්තා වේ. චිල්අවුට් අයිස් කැෆේ නමින් එය හදුන්වා දී ඇත.


හිරු එළිය නොවදින ලෙස නිමවා ඇති මෙම ආපන ශාලාව අයිස් තිර යොදා, සම්පූර්ණයෙන්ම කැටයම් කරන ලද අයිස් වලින් නිර්මාණය කර ඇත. දීප්තිමත් විදුලිබල්බ යොදා කැටයම් සහිත අයිස් වලින් පහන් නිර්මාණය කර තිබේ. මේස හා පුටු, හැ`දි ගෑරප්පු පමණක් නොව පිඟන් සහ කෝප්ප නිර්මාණය කර ඇත්තේද අයිස් වලිනි. පොළව විශේෂ පිඟන් ගඩොල් වර්ගයක් යොදා නිර්මාණය කර ඇත. මෙම අවන්හල අයිස් වලින් නිර්මාණය කර ඇතත් කිසිම තෙතමනක් හෝ ස‍්‍රාවයක් නැත.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය අනුව උණුසුම් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමටද අවස්ථාව ඇත.
චිල් අවුට් අයිස් කැෆේ ලොව එකම අයිස් අවන්හල නොවන අතර එහි විශේෂත්වය පිහිටා ඇති ප‍්‍රදේශයයි. හිරු එළියෙන් පිච්චෙමින් සිටින බොහෝ දෙනෙකුට වෙනසක් ලෙස චිල් අවුට් කදිම අවස්ථාවකි. ඩොලර් 16ක් (රුපියල් 2100ක්)වැනි මුදලක් මෙයට ඇතුල් වීම ස`දහා අය කරන අතර තමන්ගේ අවශ්‍යතාවයන් අනුව මුදල් ගෙවා ඇ`දුම් සහ පාන වර්ග ඇනවුම් කිරීමට සෑම පාරිභෝගිකයකුටම හැකියාව ඇත.
 

 



අදහස් (0)

උෂ්ණ රටේ සීතල අවන්හලක්

ජනක Saturday, 15 June 2013 12:08 AM

ඒ මොකෝ ගුණරත්න එහෙම හිතෙන්නේ ඩුබායි වල සල්ලි ගැන. ඔබට සහ අපේ රටේ උදවියට හිතෙන්න ඕනෑ ඩුබායි සල්ලි ගැන නොවේ. අපේ චන්දෙන් ගිහින් අපේ සල්ලි හොරකන් කරලා මාලු ටැංකි පොලවේ හයි කරලා හෙලිකොප්ටර් බාන්න මාලිගා තනන දේශපාලකයෝ ගැන. ඒ සල්ලි දුප්පත් අපිට දුන්නා නම් ... (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 12:18 AM

ගුණරත්න,ඔබ යුරෝපා රටක ඉදලා තියනවා නම් ඔය වගේ මෝඩ කතාවක් කියන්නේ නැහැ. එංගලන්තේ විනාඩි පහෙන් පහට වගේ දේශගුණය වෙනස් වෙනවා. වැස්ස,සුළග,අව්ව,සීතල රස්නේ? මේ වගේද මේ සීතල අවන්හල සුරපුරයක් වගේනේ. (නි)

:       0       0

කුමුදු මේනක Saturday, 15 June 2013 12:35 AM

ඩුබායි රට තෙල් සල්ලි වලින් කරන්න තියෙන ඔක්කොම කරනවා. රටේ මිනිස්සුත් බොහෝ සන්තෝසෙන් ඉන්නවා. වෙනත් මැද පෙරදිග රටවලට වැඩිය නිදහස තිබෙනවා. එහෙත් එය පමණ ඉක්මවා ගියොත් කරදරේ. ඩුබායි රජ පවුල තෙල් සල්ලි තමන්ගේ බුක්තිය කරගෙන ඉන්නේ. එහෙත් රටටද වැඩක් කරනවා. (නි)

:       0       0

නසාර් Friday, 14 June 2013 07:03 PM

අයිස් දියවෙන්නේ නැද්ද ? (නි)

:       0       0

ගුණරත්න Friday, 14 June 2013 07:46 PM

ඩුබායි වල තියෙනවා හිම ක්‍රීඩා කැන තැන් හදල ගොඩනැගිලි ඇතුලේ.ඒවාට යන්ඩ පුළුවන් සල්ලි කාරයන්ට විතරයි. ඇතුලට ගියාම හිතාගන්න බැහැ මේ ඉන්නේ ඩුබායි වලද යුරෝපා රටකද කියලා.වෙලාවකට හිතෙනවා මේ වියදම් කරපු සල්ලි අපේ රටට දුන්නා නම් රටේ මුළු ජනගහනයටම අවුරුදු පනහක් විතර කන්ඩ අදින්න පුළුවන් කියලා (නි)

:       0       0

තුෂාර- Friday, 14 June 2013 08:43 PM

ඇත්තටම ලස්සන තැනක්.මේක පටන් අරගෙන දෙන අවරුදු 5ක් විතර වෙනවා.ගුණරත්න මහතා කිව්ව කතාව මාත් අනුමත කරනවා.(අ) .

:       0       0

තරූ Friday, 21 June 2013 03:14 PM

ජනක හරි, ඩුබායි වල අය වියදම් කරන්නේ එයාලගේ සල්ලි. අපේ රටේ අහිංසක ජනතාවගෙත් සල්ලි සුරා කාලනේ ලොකු ලොක්කන් මාළිගාවල රජ සැප විදින්නේ. (නදී)

:       0       0

ඉශාන් Sunday, 16 June 2013 06:08 PM

සන්තෝසයි බාලන්නත් ආසයි

:       0       0

නිරෝෂන් Friday, 14 June 2013 11:07 PM

අපේ රටේ හොරකම් විතරයි කරන්න දන්නේ. මේ මිනිස්සු තමන්ගේ රට ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site