IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


උමං දුම්රියක් ජලයෙන් යටවී මගීහු මැදිරි තුළ සිරවෙති

මහ වැසි හේතුවෙන් මධ්‍යම චීනයේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගයක් ජලයෙන් යටවුණු බවත්, එම උමං මාර්ගයේ ධාවනය වූ දුම්රියක සිටි මගීන් දුම්රිය මැදිරිවල සිරවුණු බවත් චීන මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය මැදිරිවල සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණි.

උමං දුම්රිය මාර්ගයට ජලය කාන්දු වී ඇත්තේ අනපේක්ෂිත අයුරිනි. ජලයෙන් දුම්රිය මාර්ගය පිරී යද්දී, ධාවනය වෙමින් පැවැති මගී දුම්රිය නවත්වා ගැනීමට එහි රියැදුරා සමත් වූ බව පැවැසෙයි.

දුම්රිය මැදිරි තුළට ද වතුර කාන්දු වී ඒවා පිරී යෑමට පටන් ගත් අතර, මගීන් බියටත් කම්පනයටත් පත් වී කෑ කෝ ගසන්න වූ බව චීන මාධ්‍ය වාර්තා කළේය. චීන මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කළේ දුම්රියේ සිටි මගීන් දුරකතන මාර්ගයෙන් උදවු ඉල්ලා පොලිසියටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් දුන් පණිවුඩ ඇසුරිනි.

මෙම අකරතැබ්බට මුහුණ පෑවේ මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගය භාවිතයට ගත් මගීන් පිරිසකි. සිරවුණු මගීන් පිරිස මුදා ගැනීමට සහන සේවකයන්ට, කාලය සමඟ සටන් කිරීමට සිදුවිය.

නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ෂෙංෂූ නගරයෙන් හරි අඩක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි.

ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 12 ක් බවත්, දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවත් වාර්තා වේ. වගාබිම් සියල්ලම පාහේ මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.

කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ හෙනාන් පළාතට වාර්ෂිකව ලැබෙන වර්ෂාව දින 3 ක් ඇතුළත ලැබී ඇති බවය. මීට පෙර මේ අයුරින් හෙනාන් පළාතේ වැසියන් අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා පිඩාවට පත්වී ඇත්තේ මීට වසර 60 කට පෙරය.

(රොයිටර්)



අදහස් (0)

උමං දුම්රියක් ජලයෙන් යටවී මගීහු මැදිරි තුළ සිරවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site