IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


උප ජනපති අපේක්ෂකයන්ගේ විවාදය

නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේත්, ඔවුන් දෙදෙනාගේ සහායකයන් වන උප ජනාධිපතිවරුන් දෙදෙනා අතරේත් සජීවී විවාද පැවැත්වීම සම්ප්‍රදායයි.

කෙසේ නමුත්, ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය මෙන් නොව, උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය සඳහා වැඩි අවදානයක් යොමු වන්නේ ද නැත. එසේ වුවත්, සම්ප්‍රදායට අනුව විවාදය පැවැත්වෙයි.

මෙවර ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ජේ.ඩී. වෑන්ස්ය. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්, ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ටිම් වොල්ට්ස් ය. 

40 හැවිරිදි ජේ.ඩී. වෑන්ස් සහ 60 හැවිරිදි ටිම් වොල්ට්ස් අතරේ මිනිත්තු 90 ක් තිස්සේ පැවැති විවාදය, සජීවීව සී.බී.එස්. පුවත් නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි. ජේ.ඩී. වෑන්ස්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට අනුවත්, ටිම් වොල්ට්ස්, කමලා හැරිස්ගේ ප්‍රතිපත්තිවලට අනුවත් අදහස් පළ කළහ.

 (ඒ.එෆ්.පී.) 



අදහස් (0)

උප ජනපති අපේක්ෂකයන්ගේ විවාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site