විශේෂ උත්සවයකට සහභාගී වෙමින් සිටිද්දී, බෝම්බ බියක් හේතුවෙන්, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ සැමියා ඩග්ලස් එමෝෆ් වහා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
ඩග්ලස් එමෝෆ් සහභාගී වෙමින් සිටියේ, වොෂින්ටනයේ උසස් පාසලක පැවැති අප්‍රිකානු ඇමෙරිකානු සංස්කෘතික උළෙලකටය.
පාසලේ බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබීමත් සමඟ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, ඩග්ලස් එමෝෆ් ඔහු සිටි ශාලාවෙන් ඉවතට රැගෙන ගිය බවත් පාසලේ සිසු සිසුවියන් ඇතුළු සියලු දෙනා ද ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් පැමිණ පාසල සෝදිසි කළ නමුත් ඔවුන්ට කිසිදු සැකකටයුතු යමක් හමුනොවුණු බව ඇමෙරිකන් මාධ්‍ය පසුව පැවැසීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උප ජනපතිනියගේ සැමියා ආරක්ෂිත ස්ථානයකට