
චීනයේ පහළ යන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා නව මාර්ගෝපදේශ රැසක් චීන රජය හඳුන්වා දී ඇතැයි චීන මාධ්‍ය පවසයි.
2017 වසරේ සිට චීනයේ උපත් අනුපාතය පහළ යමින් පවතී.පහළ යන උපත් අනුපාතය හමුවේ නැවතත් උපත් අනුපාතය සමබරව ඉහළ නැංවීම සඳහා මාර්ගෝපදේශ රැසක් හඳුන්වා දීමට චීන රජය පියවර ගෙන ඇත.
වැඩිදියුණු කළ මාතෘ සත්කාර සේවා,පොදු ළමා ආරක්ෂණ ප්‍රතිලාභ, නව මාපිය නිවාඩු රෙගුලාසි, පවුලේ සාමාජිකයන්ට ගැලපෙන පරිදි නිවසේ විශේෂාංග තෝරාගත හැකි වීම, නව බදු ප්‍රතිපත්ති සහ ගැබ් ගැනීමට අනුබල දෙන සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා චීන රජය ඉදිරිපත් කළ මාර්ගෝපදේශ අතර වේ.
ගැබ් ගැනීමට අනුබල දෙන සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම මගින් මාතෘත්වයට සුදානම් වන අවධියේ මව්වරුන්ට නම්‍යශීලී පැය ගණනක් වැඩ කිරීමට අවස්ථාව ලැබෙන බවත් දරුවන් සිටින සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ විකල්පය ලැබෙන බවත් චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මෙසේ නව මාර්ගෝපදේශ හඳුන්වා දීම තුළින් එක් පවුලකට දරුවන් 3 දෙනෙකු දක්වා සිටීම පහසු කරන බව චීන මාධ්‍ය ප්‍රකාශ කරයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උපත් අනුපාතය ඉහළ නැංවීමට නව මාර්ගෝපදේශ