පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා නියෝජිතයෝ දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදී හමුවී සාකච්ඡුා ආරම්භ කළහ.
දෙරටේ නියෝජිතයන් අතර පෙරේදා (8) ඇරැඹි එම සාකච්ඡුා ආරම්භ කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කළේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයයි.
උතුරු සහ දකුණු කොරියාව අතර මේ අයුරින් සාකච්ජා ආරම්භ වුණේ වසර දෙකකට පසුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම සාකච්ඡුාවල ප‍්‍රධාන අරමුණ වූයේ දෙරටටම පොදු වූ දේශසීමා කලාපයේ පිහිටි කර්මාන්ත පුරයේ කටයුතු මීට මාස කිහිපයක් තිස්සේ ඇණහිටීම සම්බන්ධයෙනි.
කර්මාන්ත පුරයේ කටයුතු ඇණ හිටියේ දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට උතුරු කොරියානු රජය අනතුරු ඇඟවීම නිසාය.
උතුරු කොරියානු රජය එම අනතුරු ඇඟවීම කළේ දකුුණු කොරියාවත් ඇමෙරිකාවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමත් සමඟය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු-දකුණු කොරියා සාකච්ජා ඇරැඹෙයි
කුසුම් Monday, 10 June 2013 12:37 PM
ඒක නම් හොද අදහසක්, මමත් බලාපොරොත්තු උනේ මෙයමයි ,රටවල් දෙකටම සුබ අනාගතයක් ! (ස)
ඉන්දික බහරේන් සිට Monday, 10 June 2013 04:31 PM
කොන්ද පණ තියෙන එකම රට උතුරු කොරියාවයි. ඇමරිකාවට අබියෝග කළ ඔබට මගේ ප්‍රණාමය.ඒ වගේම මේ රටවල් දෙක ගත් තීරණය අපිට වගේම හැමරටකටම ආදර්ශයක්. (නි)
උදය Tuesday, 11 June 2013 04:22 AM
ඇමෙරිකාව පෙන්නන තරම් සද්දේ නැහැ කියලා ලෝකෙට පෙන්නගන්න පුළුවන් වුනේ උතුරු කොරියාව හින්දයි. නැත්නම් මේ ඇමෙරිකාව ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ (නි)