IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උතුරු කොරියා නියෝජිතයන් හමුවෙන්න ඇමෙරිකාව සූදානම්

ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හෝ ඔහුගේ නියෝජිතයන් හමුවී, සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සූදානම් බව ධවල මන්දිරය පවසයි.

ජනාධිපති බයිඩන්, උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සංග් කිම් මේ බව උතුරු කොරියානු රජයට පවසා ඇතැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරනවා ද, නැතිනම් ගැටුමට යනවා ද යන්න සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය දා පවසා තිබුණි.

විශේෂ නියෝජිත සංග් කිම්  ඇමෙරිකාවේ ස්ථාවරය උතුරු කොරියාවට පැවැසුවේ එම අවස්ථාවේදීය.

බයිඩන්ට පෙර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ට්‍රම්ප් අවස්ථා කීපයකදී කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවිය. න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියා නායකයා එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් වුණු නමුත ඇමෙරිකාව සෑහීමකට පත් වන අයුරින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු වූයේ නැත.

ඒ අනුව, දෙරට ඇතිකරගත් මිතුදම් ඉදිරියට යෑමක් සිදු නොවිණි. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වෙද්දී පොරොන්දු වූයේ උතුරු කොරියා නායකයා හමුවී, ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ ආරම්භ කළ මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යෑමට තමන් උත්සාහ ගන්නා බවය.

සෝල් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියා නියෝජිතයන් හමුවෙන්න ඇමෙරිකාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site