
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් රජය පවසයි. ඇමෙරිකන් රජය මෙසේ පැවැසුවේ, එරට ආරක්ෂක අංශ ලබා දුන් වාර්තා පාදක කර ගනිමිනි.
රුසියාව, උතුරු කොරියාවෙන්, ආයුධ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙයි. රුසියන් ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයා, හමුවන්නේ එම ආයුධ ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.
යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාවට අවි ආයුධ අවශ්‍ය වෙයි. යුක්රේන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා ඇති බැවින්, රුසියාවට අවශ්‍ය පරිදි ආයුධ මිලදී ගැනීම පවා ගැටලුවකි.
ඇමෙරිකානු රජය උතුරු කොරියාවට දිගින් දිගටම දැනුම් දී ඇත්තේ රුසියාව සමඟ ආයුධ ගනුදෙනුවකට යෑමෙන් වළකින ලෙසය. උතුරු කොරියාව රුසියාව සමඟ ආයුධ ගනුදෙනුවක් කරන්නේ නම්, උතුරු කොරියාවට එහි ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකන් රජය අනතුරු අඟවා තිබේ.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියා නායකයා පුටින් හමුවන්න සැරැසෙයි